තිලක් ජයසේකර විදුහල්පති අගයයි
- 2018-12-28 12:45:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තලාවේගම විද්‍යාලයේ විදුහල්පති ආර් එම් තිලක් ජයසේකර මහතා පාසල් ළමුන්ට බෙදාදීමට නිල ඇඳුම් සහ පොත් රැගෙන තම කුඩා මෝටර් සයිකලයේ යන ආකාරය සහිත ඡායාරූපයක් අන්තර්ජාලය පුරාම පසුගිය දිනයන් හිදී දක්නට ලැබුණු අතර එය බොහෝ දෙනාගේ කථාබහට ලක්විය.
එය දුටු ප්‍රසිද්ධ සිනමාපට අධ්‍යක්ෂක සුජීව ගුණරත්න මහතා එම විදුහල්පතිතුමාගේ නිවසටම ගොස් එම විදුහල්පතිතුමාගේ ක්‍රියාව විශේෂ ඇගයීමකට භාජනය කළේය. එසේම විදුහල්පතිතුමන් හට මුදල් පරිත්‍යාගයක්ද සිදු කර එතුමන් දිරිගැන්වීය.
සුළු ඉල්ලීම් වලටත් ජනතාව පෙළමින් වැඩ වර්ජනය කරන ඇතැම් රාජ්‍ය සේවකයන්ට මෙම විදුහල්පති තුමා ලබා දුන්නේ මහගු ආදර්ශයක් බවද සුජීව ගුණරත්න මහතා විදුහල්පතිතුමන් ඇගයීමට ලක්කරමින් කියා සිටියේය.
මෙවැනි ඇගයීමක් කිසි කලක නොලද බවත්, තමා මොනතරමේ දුෂ්කරතාවයන් පැමිණියද දරුවන් වෙනුවෙන් තමාගෙන් විය යුතු යුතුකම හා රාජකාරිය නිසි ලෙස ඉටු කිරිමට බැදී සිටින බව එහිදී විදුහල්පතිතුමා කියා සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments