තුනි පටල සූර්ය කෝෂ නිපදවීමට ශ්‍රී ලංකාවේ අවධානය
- 2017-07-30 16:03:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාව තුළ තුනී පටල මත පදනම් වු සූර්ය කෝෂ හා පැනල දේශීයව නිෂ්පාදනය කිරීම සහ සූර්ය කෝෂ තාක්ෂණය පිළිබඳ නිපුණතා සහිත පුද්ගල කණ්ඩායමක් පුහුණු කිරීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව කොළඹ, රුහුණ, යාපනය,කැළණිය යන විශ්වවිද්‍යාල වල ජාතික සූර්ය කෝෂ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි.
මේ පිළිබඳව වැඩිදුර අධ්‍යනය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමක් චිනයේ අධ්‍යාපන චාරිකාවකට එක්ව සිටියි. චාරිකාවට සමගාමීව එරටින් ලැබෙන තොරතුරු අනුව නුදුරේදීම පුනර්ජනනීය බලශක්තිය යටතේ වාණිජ මට්ටමින් සූර්යකෝෂ නිපදවීමේ තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙණු ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments