Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ. පාසල් හා විවෘත යන අංශ දෙක යටතේ පහත දැක්වෙන තේමාවලින් චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කළ හැකි ය. 

-------------------------------------------------------------------------------------------------------------------------------------------------

තෙත්බිම් සිතුවම් - 2020  - දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලිය

2020 පෙබරවාරි 02 වැනි දිනට යෙදෙන ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය, වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමේ මාධ්‍ය අනුග්‍රහයෙන් පවත්වනු ලබන දීප ව්‍යාප්ත චිත්‍ර තරඟාවලියට නිර්මාණ බාර ගැනේ. පාසල් හා විවෘත යන අංශ දෙක යටතේ පහත දැක්වෙන තේමාවලින් චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කළ හැකි ය.

තරග කොන්දේසි

පහත සඳහන් මාතෘකා යටතේ එක් අයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි.

පාසල් අංශය

 

1,2 ශ්‍රේණි සඳහා මාතෘකා

  • මා දුටු තෙත් බිමක්
  • තෙත් බිමක සුන්දරත්වය
  • තෙත්බිම් පරිසරයේ වෙසෙන සතුන් හා කුරුල්ලන්
  • තෙත් බිම් ආරක්ෂා කර ගනිමු.

 

3,4,5 ශ්‍රේණි සඳහා මාතෘකා

  • තෙත්බිම් සුන්දරත්වය
  • මුහුද ළඟ කඩොලාන
  • තෙත්බිම් පරිසරයේ වෙසෙන සතුන් හා කුරුල්ලන්
  • මිරිදිය වගුරු බිමක්
  • කොරල්පර සහිත මුහුද
  • තෙත්බිම් ආරක්ෂා කර ගනිමු

 

6,7,8 ශ්‍රේණි සඳහා මාතෘකා

  • කඩොලාන සුරකිමු
  • වගුරු බිම් ආරක්ෂා කර ගනිමු
  • කැලෑවක දිය පොකුණ
  • කලපුවක අසිරිය
  • තෙත්බිම් ආරක්ෂා කර ගනිමු
  • තෙත්බිම් ප්‍රයෝජනවත්ය

9,10,11 ශ්‍රේණි සඳහා මාතෘකා

  • මිරිදිය තෙත්බිමක්
  • ගංමෝයක ලස්සන
  • මා දුටු වගුරු බිමක්
  • තෙත්බිම් ආරක්ෂා කර ගනිමු
  • තෙත්බිම් වැදගත් ය,  ප්‍රයෝජනවත් ය
  • කරදිය තෙත්බිම්

 

12,13 ශ්‍රේණි සඳහා මාතෘකා

  • තෙත්බිමක් සුරැකීම පරිසරය සුරැකීමකි.
  • වගුරුබිම් ගොඩ කිරීමෙන් පරිසරය විනාශ වේ.
  • කඩොලාන පරිසරය මුහුදු ඛාදනය වලකයි
  • ජාතික වනෝද්‍යානයක / අභය භූමියක තෙත්බිමක්
  • තෙත් බිම් වැදගත්ය, ප්‍රයෝජනවත් ය
  • තෙත්බිම් ආරක්ෂා කර ගනිමු.

 

 

විවෘත අංශය මාතෘකා

  • තෙත්බිම් කෙම්බිම් ය.
  • තෙත්බිම් මුඩුබිම් නොවේ.
  • තෙත්බිම් වැදගත්ය, ප්‍රයෝජනවත්ය.

 

 

 

  • තරඟයට ඉදිරිපත් කරන සෑම චිත්‍රයක් ම අඟල් 18 x 14 ප්‍රමාණයේ විය යුතුය. පැස්ටල් හෝ දියසායම් වැනි අතේ නොගෑවෙන මාධ්‍යයන් වර්ණ ගැන්වීම සඳහා භාවිතා කළ හැකිය.
  • චිත්‍රය පිටුපස පහත සදහන් තොරතුරු සදහන් විය යුතුය.
  1. අයදුම්කරුගේ නම, පාසල හා පාසලේ ලිපිනය, ඉගෙනුම ලබන ශ්‍රේණිය, උපන් දිනය, පෞද්ගලික ලිපිනය, දුරකථනය අංකය, දිස්ත්‍රික්කය සහ පළාත. (කරුණාකර ඔබේ විස්තර පැහැදිලිව සඳහන් කරන්න)
  2. විදුහල්පතිතුමා හෝ අංශ ප්‍රධානි ගුරුවරයාගේ හෝ පන්තිභාර ගුරුවරයාගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කල යුතුය.
  3. ඉහත තොරතුරු සහිතව චිත්‍ර පහත සදහන් ලිපිනයට තැපැල් කිරිම හෝ ගෙනවිත් භාරදිය යුතුය.
  4. ලියුම් කවරයේ ඉහල වම්පස කෙලවරේ පහත සදහන් තොරතුරු සදහන් කරන්න. “තෙත්බිම් සිතුවම්”- 2020, අංශය-  , දිස්ත්‍රික්කය-

 

  • චිත්‍ර භාර ගන්නා අවසාන දිනය 2020 ජනවාරි මස 06
  • මුලික වටයේදී එක් එක් අංශ යටතේ තෝරාගනු ලබන ජයග්‍රාහකයන් හට අවසාන තරඟයේදී විනිශ්චය මණ්ඩලය විසින් නම් කරනු ලබන තෙත්බිම් පරිසර පද්ධතියක සජීවි දර්ශනයක් සිතුවමට නැගීමට සිදු වේ.
  • විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.
  • ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග සහ සහතික පත්‍ර 2020 පෙබරවාරි 03 දින ලෝක තෙත්බිම් දින සැමරුම් ජාතික උත්සවයේ දී පිරිනැමේ.
  • අවසන් තරගයේ ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග සහ සහතික පත්‍ර ඇතුළු වටිනා ත්‍යාග රැසක්

පාසල් අංශය

විවෘත අංශය

පළමුවැනි ස්ථානය - රු.15‍,000

දෙවැනි ස්ථානය    - රු. 10,000

තෙවැනි ස්ථානය   - රු. 7,500

 

පළමුවැනි ස්ථානය - රු.20‍,000

දෙවැනි ස්ථානය     -  රු. 15,000

තෙවැනි ස්ථානය    - රු. 10,000

 

  • පළමු ස්ථානය දිනා ගන්නා පාසල් අංශයේ ජයග්‍රාහකයින්ට තම පවුලේ සාමාජිකයන් සමඟ ජාතික වනෝද්‍යානයක සංචාරක බංගලාවක දින දෙකක් ගත කිරීමේ අවස්ථාවක් (කොන්දේසි සහිතයි)

ඔබගේ චිත්‍ර

 

වැඩි විස්තර සඳහා

ධම්මික කරුණාරත්න මහතා - 011-2872278 දිගු අංක 454

හංසිකා/මණ්දාකිනි- 011-2872278 දිගු අංක 343/341

මධ්‍යම පරිසර අධිකාරිය, ස්වාභාවික සම්පත් කළමනාකරණ ඒකකය

 

 

 

 

 

 

 

 

 

තෙත්බිම් සිතුවම්- 2020,

ස්වාභාවික සම්පත් කළමනාකරණ ඒකකය,

මධ්‍යම පරිසර අධිකාරිය,

නො-104, “පරිසර පියස”

ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,

බත්තරමුල්ල.

 

යන ලිපිනයට එවිය යුතුය

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.