Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව වාර්ෂිකව සංවිධානය කරන ‘ජනමාධ්‍ය විශිෂ්ටතා 2018’ සම්මාන රාත්‍රීය මෙවර 20 වැනි වරටත් ගල්කිස්ස මහා හෝටලයේදී  අද (10) රාත්‍රීයේ උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනට අයත් දිනපතා සහ සතිපතා පුවත්පත් වෙනුවෙන් අංශ 17ක් යටතේ සම්මාන පිරිනැමීම මෙහිදී සිදුකෙරිණි.

මේ සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි පුවත්පත් වෙතින් අයදුම්පත් 313 ක් ඉදිරිපත්ව තිබූ බව ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන වැඩසටහනේ කැඳවුම්කරැ සුකුමාර් රොක්වුඞ් මහතා පැවසීය.

එහිදී තොරතුරු දැනගැනීමේ පනත යොදාගනිමින් සිදු කළ හොඳම වාර්තාකරණය සඳහා වන සම්මානය දිනපතා ලංකාදීප පුවත්පත වෙනුවෙන් බිගුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන හිමිකරගත් අතර වසරේ උණුසුම් පුවතට හිමි සම්මානය දිනා ගත්තේද තරිඳු ජයවර්ධන විසිනි.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය වෙතින් සිය සගයන්ගේත් ජනතාවගේත් ඇගයීමට ලක්වීම වෙනුවෙන් පිදෙන ඩී.ආර්. විජයවර්ධන සම්මානය, ශ්‍රී ලාංකීය මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් පිදෙන සේපාල ගුණසේන සම්මානය ඇතුළු සම්මාන මෙහිදී පිරිනැමිණි. පුවත්පත් මගින් ප්‍රකාශයට පත් කරන හොඳම ප්‍රවෘත්ති වෙබ් අඩවිය උදෙසා ද මෙවර සම්මාන ලබාදීම සිදුවිය.  

තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතයට ගනිමින් ලියන ලද ප්‍රවෘත්ති සහ ලිපි සඳහා ද මෙවර සම්මාන පිරිනැමීම විශේෂත්වයකි.

මෙම සියලු සම්මාන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍යය තුන යටතේම පිරිනමනු ලැබිණි.

එසේම වසර 40කට අධික කාලයක් ජනමාධ්‍ය වෘත්තියේ නියැලෙමින් සේවය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පස්දෙනකුට වෙත ඔවුන් විසින් කරන ලද සේවාව උදෙසා දීර්ඝ සේවා සම්මාන උපහාර පිරිනැමීම මෙහිදී සිදුකෙරිණි.

මෙවර එලෙස දීර්ඝ සේවා සම්මානයෙන් පිදුම් ලැබූවේ ඩඞ්ලි ජෑන්ස්, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ඒ. එල්. කේ. පෙරේරා, කේ. එම්. එල්. බී. සේනාරත්න,  සහ ගෝපාලපිල්ලෙයි තිරුකේතරනතන් යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ය.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් 1999 වසරේදී ආරම්භ කළ මෙම සම්මාන උළෙල මේ වනවිට කර්තෘ සංසදය, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සමඟ ද එක්ව පවත්වාගෙන යයි. එය මෙරට විශාලතම ජනමාධ්‍ය සම්මාන සම්මාන උළෙල ද වේ.

ශ්‍රී ලාංකීය මුද්‍රිත මාධ්‍යයේ වෘත්තීයභාවයට පිළිගැනීමක් ලබා දීම සහ අදාළ වර්ෂයේ විශිෂ්ටයන් ඇගයීම මෙහි අරමුණ බව ද සුකුමාර් රොක්වුඞ් මහතා සඳහන් කළේය.

මෙවර සම්මාන උළෙලේ ප්ලැටිනම් දායකත්වය කීල්ස් හෝල්ඩින්, රන් දායකත්වය ඩයලොග් ඇක්සිආටා යන සමාගම් විසින් දරණ අතර තඹ දායකත්වය දරනුයේ ඩීඑෆ්සීසී, ශ්‍රී ලංකා ඉන්සුවරන්ස්, එල් ඕ එල් සී. ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යන සමාගම් විසිනි.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.