Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විශාල එළියක් විහිදුවාගෙන අහසේ වේගයෙන් යම් වස්තුවක් ඇදී ගිය බවත් මහ ශබ්දයක් සමග වහළ මතට සහ ගස් මතට දුහුවිලි වැටෙන්නාක් මෙන් දැණුනු බවත් පිටබැද්දර, දකුණු ප්‍රදේශවාසීහු පවසති. මෙම ආලෝකය නෙළුව, තවලම, හක්මන, දෙනියාය වැනි ප්‍රදේශවල ජනතාව විසින් දැක ඇති අතර බොහෝ දෙනකුගේ මතය වන්නේ උල්කාපාතයක් කඩා වැටෙන්නට ඇති බවයි. මාතර වෙරළ ආශ්‍රීත ජනතාව පැවසූවේ, විශාල එළියක් සමග යමක් මුහුදට පතිත වන අයුරු දුටු බවයි. කොළඹ ප්‍රදේශයේ ඇතැම් අයට ද මෙම ශබ්දය ඇසී ඇති බවට වාර්තාවේ.

ගාල්ල,හබරාදුව, පිටබැද්දර,අකුරැස්ස ප්‍රදේශවලටද මෙම ශබ්දය ඇසුණු බව වාර්තාවෙතත් සිද්ධියක් දුටු කෙනෙක් හෝ සිදුවීමක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැතැයි ප්‍රදේශවාසීහු කියති.

ලැබෙන වාර්තාවලට අනුව මෙම තත්වය ලොකු උල්කාශ්මියක් විය හැකියැයි කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා ලංකාදීපයට පවසා ඇත. කොළඹ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ඉතා වේගයෙන් ගමන්ගන්නා ආලෝකයක් පමණක් දැක ඇති අතර ආලෝකය සහ ශබ්දය දකුණු පළාතේ බොහෝ ප්‍රදේශ වලට අසන්නට සහ දක්නට ලැබුණු බව තමන්ට වාර්තාවූ බවද ජයරත්න මහතා ද පවසයි.

මෙවැනි උල්කාශ්මියක් තත්පරයකට කිලෝමීටර 65 ක් පමණ වේගයකින් පොළොවට ගමන්කරන බවත් එහිදී වායුගෝලයේ ඇතිවන ඝර්ෂණය නිසා ඇතිවන රත්වීමෙන් ඔක්සිජන් සමග ගැටී ගිනිගන්නා බවත් එම එලිය අපට දක්නට ලැබෙන බවත් ජයරත්න මහතා පැවසුවා.

එම පොලව දෙසට වේගයෙන් එනු ලබන උල්කාශ්මියේ වේගය අනුව ඉදිරි කොටසේ පීඩනය වැඩිවන අතර පිටුපස කොටසේ පීඩනය අඩුවන බවත් එම හේතුවෙන් උල්කාශ්මිය පුපුරා යනබවත් එම ශබ්දය විශාල ශබ්දයක් ලෙසින් පොලවට ඇසෙන බවද ජයරත්න මහතා පෙන්වාදී ඇත.

මේ අතර හැලී ගේ දුමකේතුවේ කක්ෂය හරහා පෘතුවිය ගමන් කිරීම සිදුවන නිසා එමගින් උල්කාපාත වර්ෂාවක් ඇතිවීමට ද නියමිත බවත් සමහර විට  එම සිද්දිය නිසා ඇතිවූ තත්වයක්දයි සැක කලහැකි බවද ජයරත්න මහතා පැවසුවා.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.