දකුණු පළාතට අලුතින් ගුරුවරු 5000ක් බඳවා ගැනීමට යයි
- 2019-03-04 09:45:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අදියර හතරක් යටතේ ගුරුවරුන් 5,000ක් බදවා ගැනිමට සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි වික්‍රමසිරි මහතා පවසයි. පවතින පුරප්පාඩු අනුව උපාධිධාරින් සම්මුඛ පරික්ෂණවලට හා තරග විභාගයක් මගින් බඳවා ගැනිමට කටයුතු කරන බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය. 2020 දෙසැම්බර් 31 වැනි දින දක්වා කාලය තුළ පවතින පුරප්පාඩු අනුව අදියර හතරක් යටතේ මෙම ගුරුවරුන් බඳවා ගන්නා බවත් බඳවා ගැනිමේ ක්‍රමවේදය පැහැදිලිවම පුවත්පත් දැන්විමේ සඳහන්ව ඇති බවද හෙතෙම පවසයි.
මේ පිළිබද අදහස් දැක්වු දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි වික්‍රමසිරි මහතා , යම් කිසි ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයක පවතින පුරප්පාඩු සංඛ්‍යාවට වඩා ලැබි ඇති අයදුම්පත් සංඛ්‍යාව අඩු නම් සම්මුඛ පරික්ෂණයකට ලක්කොට බඳවා ගන්නවා. නමුත් යම්කිසි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක පවතින පුරප්පාඩු සංඛ්‍යාව 10ක් තියෙන අවස්ථාවක 11 දෙනෙකු අයදුම්කරලා තියෙනවා නම් ඒ සඳහා විභාගයක් තියෙනවා. හැම විෂයකටම වගේ ගුරුවරුන් බඳවා ගන්නවා. වාණිජ්‍ය ගුරුවරු බඳවා ගැනිම අවශ්‍යයි. නමුත් අධිකරණයේ නඩුවක් පවතින නිසා බඳවා ගන්න බැහැ. ආර්ථික විද්‍යාගුරුවරුත් බඳවා ගැනිමට අවශ්‍යයි. නමුත් මෙම තත්ත්වය නිසා බඳවා ගැනිමට නොහැකි වි ඇති බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය. (අද)
Reply To:
Name - Reply Comment
0 Comments