දකුණු පළාත් සභා පාසල් නිමවන වේලාවේ වෙනසක්
- 2019-06-29 15:55:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු පළාත් සභාව යටතේ පාලනය වන පාසල් එළැඹෙන සඳුදා සිට පස්වරු 2.30 දක්වා ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය දන්වා තිබේ.
ඊයේ (28දා) පස්වරු 12.30ට පමණ පළාත් ආණ්ඩුකාර කාර්යාලය දුරකතන ඇමතුමක් මගින් මෙම දැනුම්දීම සිදුකළ ඇතත් ඒ සඳහා හේතු දන්වා නොමැත.
දකුණු පළාතේ ක්‍රියාත්මක ජාතික පාසල්වලට මෙම නියෝගය අදාළ නොවේ.
දකුණු පළාතේ ජාතික පාසල් පස්වරු 1.30ට අවසන්විමට නියමිතය .
ඒ අනුව බෝහෝ පිරිසක් මේ හේතුවෙන් ගැටලුවකට පත්ව ඇති බව දකුණු පළාත් ගුරුවරු, පාසල් බස් රථ රියදුරන් ඇතුළු බොහෝ දෙනෙකු සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments