දකුණු වෙරළේ ඉන්න සීල් බලන්න යන්න එපා
- 2019-12-09 14:54:45
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා මුහුදු කලාපයේ දකුණු වෙරළට ආසන්නව සති තුනක පමණ කාලයක සිට රැඳී සිටින සීල් යන නමින් හඳුන්වන ක්ෂීරපායි සත්ත්වයා ආසන්නයට නොයන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
දියවැලකට ගසාගෙන පැමිණි බවට අනුමාන කරන මෙම සත්ත්වයා, යම් කලබලකාරී වටපිටාවක් තුළ කෝපයට පත්ව සපා කෑමට පවා පෙළඹිය හැකි බවද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙම සත්ත්වයා පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසියේ සමුද්‍ර ඒකකය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නිරතුරුවම සොයා බලමින් සිටින බවද හෙතෙම පවසා සිටියේය.
මේ හේතුවෙන් අදාළ සත්ත්වයා ගැවසෙන ගල්පර අසන්නයට නොගොස් නිලධාරීන්ගේ රාජකාරිවලට සහය දක්වන ලෙසත්, සත්ත්වයා නිරීක්ෂණය කිරීමට අවශ්‍යනම් මීටර් විස්සකට වැඩි දුරක සිට අදාළ කටයුතු කරන ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ආහාර සොයා සිදුකළ සංචාරයකදී දියවැලකට හසුව ශ්‍රී ලංකාව දෙසට පැමිණ ඇති බවට අනුමාන කරන මෙම සත්ත්වයාගේ මේ වනවිට පැවැති සම ඉවත් වී අලුත් සමක් වර්ධනය වෙමින් තිබෙන බවත්, මෙවැනි කාලවලදී එම සත්ත්වයාට විවේකය අවශ්‍ය බවත් හෙතෙම පවසා සිටියේය.
මෙම තත්ත්වය මත ඇතැමුන් මෙම සත්ත්වයාට තුවාල කැළැල් ඇති වී තිබෙන බවට අර්ථ ගැන්වීමට උත්සාහ කරන බවත්. එහෙත් සීල් වර්ගයට අයත් සත්ත්වයන්ගේ පැරණි සම ඉවත්වී අලුත් සමක් ඇතිවන බවත් ඒ මහතා පවසා සිටියේය.
	
Reply To:
Name - Reply Comment
0 Comments