Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දකුණු පළාතේ පවතින  උණ රෝගය පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල දරු දැරියන් සහ දෙමවුපියන් දැනුම්වත් කිරීම සඳහා පාසල් රැස්වීම් පැවැත්වීමට මාතර දිසත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පියවර ගෙන ඇත.

මේ අනුව වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරින් මාතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 17 තුළ පිහිටි සියලුම පාසල් වලට ගොස් ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය පිළිබඳවත් එයට ප්‍රතිකාර ලබා දීම, රෝගය වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දේශන පවත්වනු ලබන අතර එම වැඩපිළිවෙල ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි මාතර දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැදිගේ මහත්මිය රජයේ නිල පුවත් සේවයට පවසා තිබේ.

ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය දැන් පාලනය කොට ඇත. ඒ බව මාතර දිස්ත්‍රික්කයේ මාතර, කඹුරුපිටිය සහ දෙනියාය රෝහල් වලට පැමිණෙන උණ රෝගින් සංඛ්‍යාව විශාල ලෙස අඩුවීමේන පැහැදිලිවන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය සඳහන් කළාය.

ඉන්ෆ්ලුවෙන්සා උණ වැළඳුන රෝගින් ව ප්‍රතිකාර කිරීම සඳහා දිස්ත්‍රික්කෙයේ සෑම රජයේ රෝහලකටම අවශ්‍ය තරම් ඖෂධ, වෛද්‍යවරුන්, හෙදියන්, ඇතැම් කර්ය මණ්ඩල සිටින අතර සෞඛ්‍ය අමාත්‍යංශය මගින් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ද එවා තිබේ.
මාතර ප්‍රසිද්ධ පාසල් කිහිපයක සිසු සිසුවියන් කිහිප දෙනෙකු මෙම රෝගයෙන් මිය ගිය බවට පසුගිය දිනවල පැතිර තිබුණ ප්‍රචාරය නිසා බොහෝ දෙනා කලබල වුණා. මේ පිළිබද අප කළ සොයා බැලීම් වලින් මාතර කිසිදු පාසලක සිසුවෙකු හෝ සිසුවියක මෙම ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගයෙන් මිය ගොස් නැති බව හෙළි වු බවද වෛද්‍ය පටබැඳිගේ මහත්මිය කීය.

ඇතැම් පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් මෙම රෝගය පිළිබඳව ජනතාව බිය ගැන්වීමට සිදු කරන වැරදි ප්‍රචාරයන්ට මුළා නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද නියෝජ්‍ය අධ්‍යක්ෂිකාව සඳහන් කළාය.
 


මාතර මූලික රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය එම්.ඩබ්ලිව්.එම් .කේ මැදිවක මහත්මිය මාතර රෝහලෙන් පසුගිය මැයි මාසයේදී ඉන්ෆ්ලුවෙන්සා රෝගින් 1275ක් නේවාසිකව හා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා තිබෙන බවද එහෙත් ජූනි මාසයේ මේ වන විට පැමිණ ඇත්තේ එම රෝගින් 50ක් පමණයි, ඒ නිසා මේ පිළිබඳව කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයි කීවාය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.