Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

කොවිඩ් අභියෝගය හමුවේ වසා දැමු රජයේ සියලු පාසල් දින 115කට පසු, දරුවන් සඳහා හෙට (ජූලි මස 06 වන සඳුදා) සිට යලි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ උපදෙස් හා මගපෙන්වීම් මත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අකුරටම පිළිපදිමින් අදියර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස්  හා මගපෙන්වීම යටතේ පියවර ගනු ලැබූ අතර, පළමු අදියර යටතේ පසුගිය ජුනි මස 29 වැනිදා සිට සියලු පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, ඇතුළු අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ පාසල් කළමනාකරණ මණ්ඩල පාසල් වෙත කැඳවන ලදී.

අදියර වශයෙන් පාසල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ තුළ දෙවැනි අදියර ඒ අනුව හෙට සිට ක්‍රියාවට නැංවෙන අතර, දරුවන් සඳහා පාසල් ආරම්භ කෙරෙන ප්‍රථම අදියර මෙයයි. මෙම අදියරේ දී පාසල් වෙත කැඳවනු ලබන්නේ සියලු පාසල්වල 13 , 11 සහ 5 ශ්‍රේණි සිසු දරුවන් පමණි. ඒ අනුව සංශෝධිත කාල සටහන් යටතේ හෙට දින පාසල් ආරම්භවන 13 සහ 11 ‍ශ්‍රේණිවල දරුවන්ට පෙ.ව 7.30 සිට ප.ව 3.30 දක්වාත්, 5 ශ්‍රේණි සිසුන් සඳහා පෙ.ව 7.30 සිට  ප.ව 1.30 දක්වාත් පාසල් පැවැත්වේ.

එළඹෙන ජූලි මස 20 වැනිදා සිට ඊළඟ අදියරට දරුවන් සඳහා පාසල් ආරම්භ කෙරෙන අතර, 12 සහ 10 ශ්‍රේණි සිසු දරුවන් පමණක් එම අදියරේ දී පාසල් වෙත කැඳවනු ලබයි. 1සහ 2 ශ්‍රේණි හැර සෙසු සියලු ශ්‍රේණි, එනම් 3, 4, 6, 7, 8, 9 ශ්‍රේණිවල දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ කෙරෙනුයේ, ජූලි මස 27 වැනිදා ය. මෙම වැඩපිළිවෙළෙහි අවසන් අදියර යටතේ 1 සහ 2 ශ්‍රේණි සිසු දරුවන් පාසල් වෙත කැඳවනු ලබන අතර, ඔවුන් සඳහා පාසල් විවෘත වන්නේ අගෝස්තු මස 10 වැනි සඳුදා දින සිටයි.

දරුවන් පාසලට එවීමේදී, උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෙනත් කිසියම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේද යන්න කෙරෙහි දැඩිව විමසිලිමත් විය යුතු බවත්, එවැනි තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නම් එම දරුවන් පාසල් එවීමෙන් වැළකිය යුතු බවත් දෙමව්පියන්ට අවධාරණය කරනු ලැබේ.

එමෙන් ම පාසල් කාලය තුළ, කිසියම් දරුවකු රෝගී තත්ත්වයක් පෙන්නුම් කළහොත්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් වහාම ගිලන් කාමර වෙත කැඳවා මූලික ප්‍රතිකාර ලබාදීමටත්, අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් පාසල් ප්‍රධානීන් සහ ගුරුභවතුන් දැනුවත් කර තිබේ.

සියලුම දරුවන්, ගුරුභවතුන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාව නිවසේ සිට පාසලට පැමිණීමේ දී සහ පාසලෙන් බැහැරව යාමේදී  මුඛ ආවරණ පැළඳිය යුතුය.

තවද, පාසල් විවෘත කිරීම සම්බන්ධ ව යෝජිත ව ඇති  විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන මෙම කාලය තුළ පාසල් වෙත ගුරුවරුන් පැමිණීමේ දී තමන්ට නියමිත කාලසටහන් අනුව අදාළ කාලපරිච්ඡේද තුළ ඉගැන්වීමට පමණක් පාසල තුළ රැඳීම ප්‍රමාණවත් වන බවත්, විදුහල්පතිවරයා විසින් අතිරේක කාර්යයන් පවරා ඇති අවස්ථාවක හැර,  සියලු ගුරුවරුන් පාසල් තුළ පස්වරු 3.30 දක්වා රැඳී සිටීම අත්‍යවශ්‍ය නොවන  බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ගුරුවරුන් විසින් පාසලට පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා පවත්වාගෙන යන ලේඛනය හෝ තාවකාලික ව මෙම කාලය සඳහා පවත්වාගෙන යනු ලබන ලේඛනයෙහි නියමිත කාල වේලා අනුව සටහන් තැබිය යුතු අතර, කාලසටහන් අනුව ඒ ඒ ගුරුවරයාට නියමිත කාලච්ඡේද තුළ ඉගැන්වීම් කටයුතු අවසන් කළ පසු පාසලින් බැහැර ව යාමට අවස්ථාව ලබාදිය යුතු බව ද වැඩිදුරටත් දැනුම් දෙයි.

කොවිඩ් අභියෝගය හේතුවෙන් දීර්ඝ කාලයක් පාසල් වසා තැබීමට සිදුවීම නිසා දරුවන්ගේ අධ්‍යයන කටයුතුවලට සිදු වූ බලපෑම,  පිළිබඳ අවබෝධ කරගනිමින් මෙම කාලය තුළ පාසලෙහි වාර විභාග, ක්‍රීඩා තරග හෝ වෙනත් විෂය බාහිර කටයුතු සංවිධානය කිරීමෙන් වළකින ලෙසත්,  ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා ම පමණක් පාසල තුළ අවශ්‍ය පසුබිම සකසා දෙන ලෙසත් විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටියි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.