දරු දැරියන් ලක්ෂ 60 කගේ සුබ සාධනයට ප්‍රතිපත්ති ප්‍රකාශනයක්
- 2019-10-20 16:56:35
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි ලක්ෂ 60ක් පමණ වන ශ්‍රී ලංකාවේ දරු දැරියන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දී ඇත.
නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 35 දෙනාටම මෙම ප්‍රතිපත්ති මාලාව දී තිබෙන අතර ඔවුන් හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බව ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කරයි.
කිසිදු දේශපාලන පක්ෂයකට, කිසිදු දේශපාලනඥයකුට හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට පක්ෂපාතී නොවන බව අවධාරණය කරන එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මෙම ප්‍රතිපත්ති ඉදිරිපත් කෙරෙන්නේ ඡන්දය දීමට නොහැකි මෙරට ලක්ෂ 60 ක් පමණ වන ළමයින්ගේ සුබසාධනය වෙනුවෙන් බවත් ප්‍රකාශ කරයි.
ළමා මන්ද පෝෂණය මුළුමනින් පිටුදැකීම, අනාගතය සඳහා ළමා පරපුර සූදානම් කරවන අධ්‍යාපන ක්‍රමයක් සැකසීම, දරිද්‍රතාවයෙන් මිදී ඉදිරියට ගමන් කිරීමේ අවස්ථාව සෑම දරුවකුටම සාධාරණ උදාකර දීම, දරුවන්ට හානිකර කායික දඬුවම් තහනම් කිරීම, පූර්ණ සාමය සියල්ලන්ටම අත්විඳිය හැකි ශ්‍රී ලංකාවක් ගොඩනැගීම, දේශගුණ විපර්යාසවලට එරෙහිව පියවර ගනිමින් එහි බලපෑම්වලට මුහුණදීමට ශ්‍රී ලංකාව සූදානම් කරවීම යන ප්‍රධාන කරුණු 6 ආවරණය වන පරිදි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලය ඉහත ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments