Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහා සංඝරත්නයේ සේවය අගය කිරීම උදෙසා බෞද්ධ භික්ෂූන් වහන්සේලා දහස් නමක් ඉදිරියේදී දඹදිවට වැඩම කරවීමට අපේක්ෂා කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේය.

හෝමාගම පුරාණ රජමහා විහාරයේ පැවති එක්සත් බෞද්ධ සංඝ සභාවේ ශ්‍රී ලංකා ජාතික මණ්ඩලයේ පළමු සභාවාරයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

ʻʻ බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් මෙරට භික්ෂූන් වහන්සේලා ඇපකැපවී සිදුකරන සේවය ගෞරවනීයයි. මේ ස්වාමීන් වහන්සේලා උදෙසා මෙලෙස දඹදිව වන්දනා සංචාර ලබාදීමට හැකි වේ නම් එය සැබැවින්ම මහා පුණ්‍යකර්මයක්. දිවයිනේ ඇතැම් පිටිසර විහාරස්ථානවලට කිසිදු මූල්‍යාධාරයක් නොලැබෙන තත්ත්වයක් පසුගිය කාලවකවානුවේ උදාවී තිබුණද වත්මන් රජය විසින් එම විෂමතාව මගහරවා විධිමත් ක්‍රමවේදයක් යටතේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් නව ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ʼʼයැයි ද පවසා සිටියේය.

ලෝක  තරුණ බෞද්ධ සංඝ සභාවේ සහ එක්සත් බෞද්ධ සංඝ සභාවේ මහා ලේඛකාධීකාරි පූජ්‍ය මුගුණුවෙළ අනුරුද්ධ හිමි, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය මාදෝවිට වජිර බුද්ධි හිමි ඇතුළු මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. 

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.