Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

 

ඉදිරි වසර 20ක කාලය සදහා ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ජනන සැලැස්ම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත්කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

2018 වසරේ සිට 2037 දක්වා කාලය සඳහා ඉදිකළ යුතු නව විදුලිබලාගාර ඇතුළත් දිගුකාලීන විදුලි ජනන සැළැස්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කර අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. මෙම සැලැස්ම සම්බන්ධයෙන් මහජනතාවට අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබාදී ඒවාද සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව සැලැස්ම සම්බන්ධයෙන් අනුමැතිය ලබාදීමට කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව යෝජිත දිගුකාලීන විදුලි ජනන සැලැස්ම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු පාර්ශවයන් හට සිය යෝජනා හා අදහස් ජුනි මස 06 වැනි දින දක්වා ඉදිරිපත් කළ හැකි වේ.

මේ වන විට මෙරට ස්ථාපිත සමස්ත විදුලි බල ධාරිතාව මෙගා වොට් 4018කි. විදුලිබල ධාරිතාවයෙන් 82%ක් ලංකා විදුලිබල මණ්ඩලය සතුවන අතර ඉතිරි ප්‍රමාණය පුද්ගලික අංශය සතු ය.

ඉදිරිවසරවලදී විදුලිබල ඉල්ලුම 5.9%කින් වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. ඒ අනුව 2018 වසර අගවන විටදී මෙගා වොට් 250ක ධාරිතාවයක් සහිත නව බලාගාර අවශ්‍ය වේ. 2037 වන විටදී තවත් මෙගා වොට් 6400ක පමණ ධාරිතාවයකින් යුත් බලාගාර ඉදිකළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු පෙන්වා දේ.

ඒ අනුව ඉහල යන ඉල්ලුම සැපිරීම සඳහා අවම පිරිවැය මත පදනම් වු නව බලාගාරය ගණනාවක් ඉදිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබේ.

යෝජිත බලාගාර සැලැස්මට අනුව 2018 වසර තුළ දී මෙගාවොට් 15ක ධාරිතාවයෙන් යුතු කුඩා ජල විදුලිබලාගාර, මෙගාවොට් 160 සුර්ය බලාගාර, මෙගා වොට් 5ක ජෛව ස්කන්ධ බලාගාර සහ මෙගා වොට් 320ක තාප බලාගාර ඉදිකීරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම 2018-2037 කාලය තුළ දී මෙගා වොට් 842ක ධාරිතාවයෙන් යුත් ජල විදුලි බලාගාර, මෙගා වොට් 215ක කුඩා ජල විදුලි බලාගාර, මෙගා වොට් 1389ක සුර්ය බලාගාර, මෙගා වොට් 1205ක සුළං බාලාගාර, මෙගා වොට් 85ක ජෛව ස්කන්ධ බලාගාර, මෙගා වොට් 425ක ඉන්ධන බලාගාර, මෙගා වොට් 1500ක ධාරිතාවයෙන් යුත් ස්වභාවික වායු බලාගාර සහ මෙගා වොට් 2700ක ගල් අගුරු බලාගාර ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ නව සැලසුම මගින් යෝජනා කර තිබේ. ඒ අනුව ඇස්තමේන්තුගත ආයෝජනය රුපියල් බිලියන 2168කි.

යෝජිත විදුලි ජනන සැළැස්මෙහි පිටපත් www.pucsl.gov.lk වෙබ් අඩවියට පිවිස පරිශීලනය කළ හැකිය. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙ කාර්යාලයේ තොරතුරු කේන්ද්‍රෙයහි ද පරීශීලනය සඳහා පිටපත් තබා ඇත.

යෝජිත විදුලි බලාගාර සැළැස්ම පිළිබද අදහස් හා යෝජනා තැපැල් මගින් පහත ලිපිනයට එවිය හැකි වේ.

විදුලි ජනන සැළැස්ම පිළිබද යෝජනා

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

6 වන මහල

ලංකා බැංකු වෙළද කුළුණ

අංක 28

සාන්ත මයිකල් පාර

කොළඹ 3

ෆැක්ස් මගින් 011 2 392 641 යන අංකයට ද ඊ මේල් මගින් consultations@pucsl.gov.lk යන ලිපිනයටද යෝජනා ඉදිරිපත් කළ හැකි ය.  ලිඛිත යෝජනා 2017 ජුනි 6දා දක්වා බාර ගැනේ. වාචිකව අදහස් දැක්වීමේ වාරයක් ජුනි මස 15දා පැවත්වෙන අතර ඊට සහභාගිවීමට කැමත්තක් දක්වන්නේ නම් ලිඛිත යෝජනා එවන විට ඒ බව සඳහන් කළ යුතු වේ.
(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.