Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාව තුළ දිනකට නව පිළිකා රෝගීන් 64ක් වාර්තා වන බවත්, එසේම පිළිකාව හේතුවෙන් දිනකට 38 දෙනෙකු මිය යන බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනෙහි විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා ප්‍රකාශ කළේය.

ඒ අනුව වසරකට පිළිකා රෝගීන් 23,530 දෙනෙකු හඳුනාගන්නා බවද පෙන්වා දුන් ඒ මහතා පිළිකා හේතුවෙන් වසරකට ශ්‍රී ලංකාව තුළ 14013 දෙනෙකු මිය යන බවද කීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (10දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කී විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා එහිදී වැඩිදුර පැහැදිලි කිරීමක නිරත වෙමින්,

"පිළිකාව නිසා සෑම මිනිත්තුවකදීම 17 දෙනෙක් ලෝකයේ කොතැනක හෝ මිය යනවා. 2018දි තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව සියලු රටවල පිළිකාවල තත්ත්වය සම්බන්ධයෙන් අවසන් වාර්තාව නිකුත් කර තිබෙන්නේ. ලෝකයේ පිරිමින් අතර බහුලවම වාර්තා වන පිළිකාව තමයි පෙනහළු පිළිකාව, පුරස්ති ග්‍රන්ථි පිළිකාව, මහාන්ත්‍රය ආශ්‍රිත පිළිකාව සහ ආමාශය ආශ්‍රිත පිළිකාව.

ලෝකයේ බහුලවම පිළිකා ඇති කරවන චර්යා රටාව තමයි දුම්පානය. ලෝකයේ ලක්ෂයකට පිළිකා රෝගින් 32ක් වාර්තා වෙනවා. පෙනහළු පිළිකා හැදුණොත් සුව කරගැනීම බොහෝ දුරට සීමාසහිතයි. පෙනහළු පිළිකා සහ පෙනහළු පිළිකාවෙන් සිදුවන මරණ වළක්වාගැනීමට කළ යුතු ප්‍රධානම දෙය තමයි දුම්පානයෙන් තොරවීම.

පුරස්ති ග්‍රන්ථි පිළිකා වයසත් සමග ඇතිවන පිළිකාවක්. පිරිමින්ගේ අවුරුදු 50න් පසුව වාර්තා වන පිළිකාවක්. පෙනහළු පිළිකාව ඉක්මනින් වර්ධනය වෙන නමුත් පුරස්ථි ග්‍රන්ථි පිළිකාව එලෙස නැහැ. ඒ නිසයි පුරස්ථි ග්‍රන්ථි පිළිකාවේ මරණ අඩුවෙන් වාර්තා වන්නේ.

මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා තමයි තෙවැනියට වාර්තා  වන්නේ. දුම්පානයට සමගාමීව ලොක්යේ ඉදිරියට එන ලොකුම අවදානම තමයි ආහාර රටාවේ ගැටලු. 

මුළු ලෝකයේම කාන්තාවන් ගත්තාම වැඩියෙන්ම වාර්තා වන පිළිකාව පියයුරු පිළිකාවයි. ජනගහනයෙන් ලක්ෂයකට 45 - 50ත් අතර ප්‍රමාණයකට වාර්තා වුණාට මරණ වාර්තා වන්නේ ඊට වඩා ඉතා අඩුවෙන්. දෙවැනියට මහා අන්ත්‍ර පිළිකාව. තෙවැනියට පෙනහළු පිළිකාව. අපේ රටේ ගත්තොත් භාග්‍යයයකට කාන්තා දුම්පානය අඩුවෙන්ම වාර්තා වෙන්නේ. සමීක්ෂණවලින් පෙන්වා තියෙනවා 0.1%කටත් වඩා එය අඩු බවට.

ලංකාවේ 2018දි අලුතෙන් පිළිකා රෝගීන් 23,530ක් වාර්තා වෙලා තියෙනවා. සෑම දිනකම අලුත් පිළිකා රෝගීන් 64 දෙනෙක් හඳුනාගන්නවා. අවුරුද්දකට පිළිකා රෝගය නිසා මරණ 14,013ක් සිදු වෙනවා. එය දිනකට මරණ 38ක් පමණ වෙනවා. ලංකාවේ දත්ත අනුව දිනකට 350,000ක් පමණ ඉපදෙනවා. 140,000ක් පමණ වසරකට මිය යනවා.

ඒ 140,000න් 10%ක් පමණ එනම් 14,000ක් පමණ පිළිකාව නිසා සිදු වන්නේ. ලංකාවේත් ලෝකයේත් ගත්තම මරණ සිදුවන ප්‍රධානම කාරණය හෘදයාබාධ. 40%ක් පමණ රුධිර වහනය සහ හෘදයවස්තුව ආශ්‍රිත රෝග නිසා මිය යෑම් දෙවැනියට වැඩියෙන්ම වාර්තාවන්නේ පිළිකාව නිසා. 

සියලු පිළිකාවලින් තුනෙන් එකක් අපට වළක්වාගන්න පුළුවන්. එනම් මුඛ පිළිකාව, පෙනහළු පිළිකාව, ගැබ්ගෙල පිළිකාව කියන්නේ අපට වළක්වාගැනීමේ හැකියාව තිබෙන පිළිකා. ඒ නිසා මේ මරණ වළක්වාගැනීමට නම් කල් ඇතිව හඳුනාගත හැකි පිළිකා හඳුනාගන්න ඕනෑ.

ඒ වගේම වළක්වාගත හැකි පිළිකා වළක්වාගන්නත් ඕනෑ. ලංකාවේ සෑම  පළාතකම පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තිබෙනවා. ඒ වගේම පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් 50කට වැඩි ප්‍රමාණයක් සේවයේ යෙදී සිටිනවා. ඒ නිසා මෙම කටයුතු දිස්ත්‍රික් රෝහල් දක්වා ව්‍යාප්ත කර තිබෙනවා. පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන 23ක් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකයි. ඊට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ කොතලාවල රෝහලෙනුත් නොමිලේ පිළිකා ප්‍රතිකාර ලබා දෙනවා.

ලංකාවේ පෙනහළු පිළිකාවට වඩා පිරිමින් අතර මුඛ පිළිකාව වාර්තා වෙනවා. බුලත් විට භාවිතය ඒ සඳහා ප්‍රධාන අවදානම් සාධකයයි. දුම්කොළ සහ පුවක්වල ප්‍රධාන පිළිකා සංඝටක අඩංගුයි. වසරකට කාන්තාවන් 3000කට වඩා පියයුරු පිළිකාව අලුතින් හඳුනාගන්නවා. කාන්තාවන්ට වාර්තා වන පිළිකාවලින් හතරෙන් එකක් පියයුරු පිළිකා වෙනවා" යනුවෙන්ද පෙන්වා දුන්නේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.