දිනකට PCR පරීක්ෂණ 500ක් කළ හැකි රසායනාගාරයක් හෙට විවෘත කරයි
- 2020-06-23 16:38:39
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දිනකට PCR පරීක්ෂණ 500 ක් සිදු කළ හැකි රෝග නිශ්චය කිරීමේ විශේෂිත අණුක ජීව විද්‍යා රසායනාගාරය හෙට (24දා) විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ජාතික සෞඛ්‍ය පද්ධතියේ රෝග පරීක්ෂණ ධාරිතාවය ඉහළ නැංවීමේ අරමුණින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් අනුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධතිය නගා සිටුවීම වෙනුවෙන් ස්ථාපිත කර ඇති විශේෂිත ඒකකයේ සම්බන්ධීකරණයෙන් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ (මුල්ලේරියාව රෝහල) මෙය ස්ථාපිත කොට ඇත.
මෙම ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 250 ක් වන අතර, පරීක්ෂණ ක්‍රියාවලිය වේගවත් කිරීම සදහා ගැලපෙන පරිදි එකලස් කර ඇති ස්වයංක්‍රීය සාම්පල සකස් කිරීමේ පද්ධතියක් (Muto Mated Sample Extractor) සහ නවීනතම අසාධන පාලන තාක්ෂණික මෙවලම් වලින් සමන්විත වේ.
මෙම පද්ධතිය තුල එක් වටයක දී සාම්පල 96 ක් පැය 02 ක් වැනි කෙටි කාලයක් තුළ විශ්ලේශණය කර සම්පූර්ණ කාලය පැය 04 ක් තුළ දී වාර්තා නිකුත් කිරීමේ හැකියාව පවතී. එනම්. දැනට සාම්පල් ලබාගැනීමෙන් පසු වාර්තා නිකුත් කිරීම දක්වා කාලය අඩු කර ගැනීමේ හැකියාව ඇත. මෙම රසායනාගාරය මගින් දිනකට PCR පරීක්ෂණ 500 කට ආසන්න ප්‍රමාණයක් සිදු කිරීමට හැකි අතර, එමගින් රටේ සමස්ත PCR පරීක්ෂණ කිරීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් වේ.
දැනට මෙවැනි නවීන පහසුකම් සහිත ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති එකම රසායනාගාරය වන්නේ ද මෙයයි. දැනට COVID - 19 රෝග සාම්පල පරීක්ෂා කිරීමට අමතරව COVID - 19 තත්ත්වය අවසන් වීමෙන් පසු වෙනත් බෝවන රෝග සහ පිළිකා වැනි වෙනත් රෝග සදහා අවශ්‍ය PCR පරීක්ෂණ සිදු කිරීමට ද මෙම රසායනාගාරය තුළ ජාතික සෞඛ්‍ය පද්ධතියට හැකියාව ලැබෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments