දින තුනක් ඩෙංගු මර්දනයට පාසල් මට්ටමින් මෙහෙයුමක්
- 2017-07-23 11:16:40
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඩෙංගු රෝගය මර්දනය කිරිමේ අරමුණින් එළඹෙන සතියේ සිකුරාදා (28දා), සෙනසුරාදා (29දා) හා ඉරිදා (30දා) යන තෙදින තුළ දිවයිනේ සියලුම පාසල්වල ඩෙංගු මර්දන පවිත්‍රතා වැඩසටහනක් සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
සිකුරාදා දිනයේ පාසල්වල අධ්‍යයන කටයුතු නොපවත්වන ලෙසත්, ඒ වෙනුවට එදින දරුවන්, දෙමව්පියන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යයින් සහ අසල්වාසීන් ඇතුලු පාසල් ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් පාසල හා අවට පරිශ්‍රය පවිත්‍ර කිරීම සඳහා කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
සිකුරාදා දිනයේ පාසල් පැමිණෙන විට පාසල් නිල ඇඳුම හෝ ඒ වෙනුවට ශ්‍රමදාන කටයුතු සඳහා උචිත ආකාරයේ විනීත ඇඳුමකින් දරුවන්ට පාසල වෙත පැමිණිමට අවසර ලබාදීමට ද තීරණය වී තිබේ.
මීට අමතරව සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී ද සියලු දෙනාගේ දායකත්වය සහිතව මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් සිදු කෙරෙන දුමායන කටයුතු සහ අනෙකුත් මදුරු මර්දන සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් සහ සෙසු අංශ සම්බන්ධීකරණය කිරීමේ කටයුතු විදුහල්පතිවරුන් හරහා සිදු කිරීමට ද තීරණය කර ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments