දිස්ත්රික්ක 06 කට නාය යෑමේ අවදානමක්
- 2017-10-15 17:00:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඕපනායක, ඉඹුල්පේ, බලංගොඩ, කහවත්ත, පැල්මඩුල්ල, කුරුවිට, රත්නපුර, ඇලපාත, කිරිඇල්ල, කොලොන්න ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස, මාතර දිස්ත‍්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට සහ බුලත්කොහුපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ගාල්ල දිස්ත‍්‍රික්කයේ නියාගම, යක්කලමුල්ල, නාගොඩ සහ තවලම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ කළුතර දිස්ත‍්‍රික්කයේ වලල්ලාවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස නායයෑමේ වැඩි අවදානමක් පවතින ප‍්‍රදේශයන් ලෙස හඳුනාගෙන තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කළ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.
කඳුකර ප‍්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ ඇතිවන්නේද යන්න පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටී.
Reply To:
Name - Reply Comment
0 Comments