Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පන්නිපිටිය ධර්මපාල විදුහලේ ආදි මලල ක්‍රීඩා සංගමය මෙහෙයවන දුරස්ථ පාලක ගුවන් යානා සංදර්ශනයක් හා ගුවන් ක්ෂේත්‍රයට අදාළ ප්‍රදර්ශනයක් අනිද්දා (04දා) විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වෙයි.  පෙ.ව. 9 සිට පස්වරු 2 දක්වා මෙම සංදර්ශනය පැවැත්වීමට නියමිතය.

දුරස්ථ පාලක ගුවන් යානා පිළිබඳව දිවයින පුරා විසිරී සිටින සමාජ 25ක් නියෝජනය කරමින් සාමාජික සමාජිකාවන් මෙම සංදර්ශනය සඳහා එක්වීමට නියමිතය.

ඊට අමතරව ශ්‍රී ලංකාන් ගුවන් සමාගම විසින් මෙහෙයවන වෘත්තීය මාර්ගෝපදේශයන වැඩසටහක්, මොරටුව විශ්වවිද්‍යාලය විසින් අලුතෙන්ම නිර්මාණය කළ නියමුවන් රහිත යානා, ගුවන් හමුදාවේ ප්‍රදර්ශන කුටියක් මෙන්ම දුරස්ථ පාලක ගුවන්යානා හා ඒ හා සම්බන්ධ කොටස් අලෙවිකරණ කුටියක්ද ප්‍රදර්ශන භූහමියේ ස්ථාපිත කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබේ.

ගුවන් හමුදා ප්‍රදර්ශන කුටියේදී ගුවන් යානා හි පවතින විශේෂිත උපකරණයක් වන කළු පෙට්ටිය මෙහිදී දැකගැනීමට අවස්ථාව ඇති අතරම තවත් වටිනා ප්‍රදර්ශනාත්මක භාණ්ඩ රැසකින් එම කුටිය සමන්විත බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

maxresdefault copy

 

 

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.