දෙවන වාර විභාගය එපා - ලංකා විදුහල්පති සංගමය
- 2019-05-21 17:32:09
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රටේ සිදු වූ ඛේදජනක තත්වයන් හේතුවෙන් දරුවන් මානසිකව යම් බිඳවැටීමකට ලක්ව ඇති හෙයින් මෙම පාසල් වාරයේ ඉගැන්වීම කටයුතු සමග සිසුන්ට සුපුරුදු කාලසටහනට හුරුවීමටද කාලයක් අවශ්‍ය බව ලංකා විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය. ඒ නිසා සිසු මනසට තවත් වෙහෙසකාරී තත්වයක් ඇති නොකර එම සිසුනට මනෝ උපදේශ සේවයක් පාසල් තුළ ඇරැඹීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ලේකම්වරයා කිය.
අධ්‍යාපන බලධාරීන්ට වඩා පාසල් තුළ පවතින සැබෑ තත්වය පිළිබඳ අවබෝධයක් ඇත්තේ විදුහල්පතිවරුන් වන තමන්ට බවත්, තම සංගමය විසින් එම තත්ත්වය හා සිසුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අධීක්ෂණය කර මෙම තීරණයට එළඹුන බැවින් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත් ලංකා විදුහල්පති සංගමය පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments