නව අධ්‍යාපන කාර්ය සාධක බළකායක්
- 2020-01-14 16:17:24
 - 0 Comments
 
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාවට නැංවීමට නව අධ්‍යාපන කාර්ය සාධන බළකායක් පත්කිරීමට රජය කටයුතු කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශ අනුව මෙම කාර්ය සාධක බලකාය පත්කර ඇති අතර ඔවුන් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීම අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14දා) සිදුකෙරිණි.
මෙම කාර්ය සාධන බළකාය අධ්‍යාපන, සෞඛ්‍ය, වෘත්තීය අධ්‍යාපන සහ මාධ්‍ය යන විවිධ ක්ෂේත්‍රයන්හි විෂය විශේෂඥයින්ගෙන් සමන්විත වෙයි.
එහි කණ්ඩායම් ප්‍රධානී ලෙස ආචාර්ය එම් උපාලි සේදර මහතා පත්කර ඇත. ආචාර්ය පී . එන් මීගස්වත්ත, මහාචාර්ය සුදන්ත ලියනගේ, මහාචාර්ය එම් ඩී ළමාහේවා, මහාචාර්ය ඩබ්ලිව් ඩී කුලරත්න, හිටපු අධ්‍යාපන අතිරේක ලේකම් එස්. යූ විජේරත්න, මහාචාර්ය රස්නායක එම් මුදියන්සේ, ආචාර්ය හර්ෂ අලස්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම් විෂය භාර අතිරේක ලේකම් ආචාර්ය මධුරා වේහැල්ල, මහාචාර්ය නාරද වර්ණසූරිය, මහාචාර්ය නාරද වර්ණසූරිය, ආචාර්ය ටී ඒ පියසිරි මහතා ඇතුළු නිලධාරීන් 12 දෙනෙක් මෙම කාර්ය සාධන බළකායට ඇතුළත් වෙයි.
රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුව යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීමට වැඩසටහන් සම්පාදනය, ක්‍රමෝපායන් හඳුනාගැනීම, ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද හඳුනාගැනීම, අන්තර් ආයතනීය සම්බන්ධීකරණය, නියාමනය, ප්‍රතිපෝෂණය සැපයීම ඇතුළු කාර්යයන් රැසක් මෙම කාර්ය සාධන බළකායේ සාමාජිකයන්ට පැවරේ.
	
	
Reply To:
Name - Reply Comment
0 Comments