Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලාංකීය පාසල් සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට ශක්තිමත් පිටුබලයක් සපයමින්, හැදෙන අපි හදන තැන තේමාවෙන් ඉදිරිපත් කෙරෙන ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාව අප්‍රේල් 20 වනදා සිට විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුර්ණ  ආශිර්වාදය හා  මගපෙන්වීම යටතේ   අධ්‍යාපන,  ක්‍රීඩා හා තරුණ  කටයුතු  අමාත්‍ය

ඩලස් අලහප්පෙරුම මහතාගේ  සංකල්පයක් අනුව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ද සහයෝගයෙන් ජාතික රූපවාහිනී සංස්ථාවේ මාධ්‍ය දායකත්වයෙන් ගුරුගෙදර අධ්‍යාපන නාලිකාව  ක්‍රියාවට නැංවෙයි.

එළඹෙන අප්‍රේල් මස 20 වනදා පෙරවරු 8.00 සිට රාත්‍රී 7.00  දක්වා ද රාත්‍රී 10.00 සිට රාත්‍රි 12.00 දක්වාද ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් සමඟ එක්වීමේ අවස්ථාව සිසු දරුදැරියන්ට හිමිවේ.

වැඩසටහන් සමාරම්භක දිනයෙන් පසු එනම් අප්‍රේල් 21 දා සිට සෑම දිනකම පෙරවරු 4 සිට අධ්‍යාපන විකාශය ආරම්භ කෙරේ.

මේ යටතේ උසස් පෙළ කලා විෂය  ධාරාව සඳහා සිංහල, දෙමළ, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් ද, වාණිජ විෂය ධාරාව සඳහා ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යනය, ආර්ථික විද්‍යාව යන විෂයයන් ද, විද්‍යා සහ ගණිත විෂය ධාරාව සඳහා සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව යන විෂයයන් ද, තාක්ෂණ විෂය ධාරාව සඳහා තාක්ෂණය සඳහා විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණය, කෘෂිකර්මය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයයන් ද ආවරණය කෙරේ.

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ඉතිහාසය යන විෂයන් ආවරණය කිරීමට නියමිත අතර, සෑම විෂයක් සඳහා ම සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා විෂයට අදාල ආචාර්යවරුන් සම්බන්ධ වන සාකච්ඡාමය වැඩසටහන් ද පැවැත්වීමට නියමිතය.

ගුරු ගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාවේ අධ්‍යාපන වැඩසටහන් සඳහා තාක්ෂණ හා සංවර්ධන සහාය ලබාදීමට ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT) ආයතනය, ධර්මවාහිනි ආයතනය, සහ DP අධ්‍යාපන ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව සිටි. අධ්‍යාපන අමාත්‍යාංශයට අමතරව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ නිපුණතා  සංවර්ධන  අමාත්‍යාංශය,  තෘතීක හා වෘත්තීය  අධ්‍යාපන කොමිසම  මගින් ද  සෑම  දිනකම රාත්‍රී 10.00  සිට අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කිරීමට අපේක්ෂිතය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.