නව ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ පත්කරයි
- 2017-02-09 13:49:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස මංජුල කාරියවසම් මහතා අද (09දා) නිල වශයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.
ශ්‍රී ලංකා යුධ හමුදාවේ කර්නල්වරයකු වන මංජුල කාරියවසම් මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නිරත වන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ ධූරයට අනුයුක්තව රාජකාරි කටයුතු සිදු කිරීමට නියමිතය.
ජවන හා පිටිය ක්‍රීඩකයකු ලෙස පළාත් සහ ජාතික මට්ටමේ ශූරතා රැසක් දිනා ඇති කාරියවසම් මහතා දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයකු ද වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
1988 වසරේ දී දක්ෂතම පාසල් වොලිබෝල් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ඇති මංජුල කාරියවසම් මහතා 1987 වසරේ තායිලන්තයේ බැංකොක් නගරයේ දී පැවති කණිෂ්ඨ වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්ව තිබේ.
පාසල් ශිෂ්‍ය භටයෙකු ලෙස ද කටයුතු කර ඇති ඔහු 1989 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1991 වසරේ දී ශ්‍රී ලංකා කාල තුවක්කු රෙජිමේන්තුවේ සේවයට එක් ව ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනි
Reply To:
Name - Reply Comment
0 Comments