Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජිනීවා (ෂින්හුවා) - මේ දක්වා පවතින සියලුම සාක්ෂි වලට අනුව, දැනට පවතින වසංගතයට හේතු වී ඇති කොරොන වයිරසයට සත්ව සම්භවයක් ඇති බවත් එය නිර්මාණය කරන ලද වෛරසයක් නොවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානය දිනපතා නිකුත් කරන තත්ත්ව වාර්තාවට අදාළව බ්‍රහස්පතින්දා නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වෙයි.

"බොහෝ පර්යේෂකයන්ට SARS-CoV-2 (නව කොරෝනා) හි ජානමය ලක්ෂණ සොයා බැලීමට හැකි වී ඇති අතර SARS-CoV-2 රසායනාගාර නිර්මාණයක් බවට සාක්ෂි නෑ” යැයි එහි දැක්වේ.

මෙම වෛරසය නිර්මාණය කළානම් එහි ප්‍රවේණික අනුක්‍රමයට පැහැදිලිව හඳුනාගත හැකි මූලද්‍රව්‍යයන්ගේ මිශ්‍රණයක් ඇති නමුත් නව කොරෝනා වයිරසය තුළ එවැනි තත්ත්වයක් නොමැති බව පර්යේෂකයන් පෙන්වා දී තිබේ.

නව කොරෝනා වයිරසය ජනවාරි මස මුලදී හඳුනාගත් අතර එහි ජානමය අනුක්‍රමය ජනවාරි 11-12 දක්වා ප්‍රසිද්ධ කළ බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

නව කොරෝනා වයිරසයට වවුලන්ගේ පාරිසරික සම්භවයක් ඇති බව පෙන්නුම් කර තිබේ. අතරමැදි සත්ව සත්කාරකයක් හඳුනාගෙන නැතත්, ලබා ගත හැකි සියලු සාක්ෂි වලින් පෙනී යන්නේ කොරෝනා වයිරසය  සත්ව විද්‍යාත්මක ප්‍රභවයක් ඇති බව යැයිද එම වාර්තාවේ දහන් වෙයි.

චීනයෙන් මුලින්ම වාර්තා වූ මෙම වයිරසයේ මූලාශ්‍රය වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා, මේ වන විට පරීක්ෂණ ගණනාවක් සිදු වෙමින් පවතී.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.