නව කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාවක 80ක් දක්වා ඉහළට
- 2020-01-27 10:57:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
චීනයේ නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 80 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට පුද්ගලයන් 3,000 කට ආසන්න සංඛ්‍යාවකට රෝගය වැළඳ තිබේ.
මෙම රෝගය ආරම්භ වූ චීනයේ හුබෙයිහි වුහාන් නගරය හුදෙකලා කර ඇති අතර තවත් නගර කිහිපයක් සංචාරක තහනම් පනවා ඇත.
සඳුදා පෙරවරුරව වන විට හුබෙයි පළාතේ මරණ සංඛ්‍යාව 56 සිට 76 දක්වා ඉහළ ගොස් තිබේ. හුබෙයි පළාතෙන් පිට මරණ 4 ක් සිදුව තිබේ.
කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 2,744 ක් වී ඇති අතර මෙයින් 300 කට අධික පිරිසකට බරපතල බව චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
තායිලන්තය, එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක මෙම රෝගීන් 41 ක් වාර්තා වී තිබේ. කෙසේ වෙතත් මේ දක්වා චීනයෙන් පිටත කිසිදු මරණයක් වාර්තා වී නොමැත.
මෙම රෝගය වෙනුවෙන් මේ දක්වා නිශ්චිත ප්‍රතිකාරයක් හෝ එන්නතක් තවමත් සොයාගෙන නොමැත. වාර්තා වී මරණ අනුව එයින් බොහෝ පිරිසක් වැඩිහිටි පුද්ගලයින් හෝ පූර්ව ශ්වසන ආබාධ ඇති අය වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments