Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නව කොරොන වෛරසයට තරමක නිශේධනීය බලපෑම් ඇති කළ හැකි ඖෂධ තුනක් චීන පර්යේෂකයන් විසින් සොයාගෙන ඇති බව චීන ප්‍රාදේශීය පුවත්පතක් වාර්තා කරයි.

මෙම ඖෂධ තුන සායනික භාවිතය සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා ඒවා දැන් අදාළ ක්‍රමවේදයන් යටතේ පවතින බව හුබෙයි ඩේලි පුවත්පත වාර්තා කර තිබේ.

 චීන විද්‍යා ඇකඩමිය (CAS) යටතේ ඇති මිලිටරි වෛද්‍ය විද්‍යා ඇකඩමියේ සහ වූහාන් වෛරස් විද්‍යා ආයතනයේ (WIV) පර්යේෂකයන් එක්ව මෙම සොයා ගැනීම සිදු කරන ලදී.

මීට පෙර, CAS යටතේ ඇති ෂැංහයි මැටීරියා මෙඩිකා ආයතනයේ සහ ෂැංහයිටෙක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් නව කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කළ  හැකි දැනට පවතින ඖෂධ වර්ග, ජීව විද්‍යාත්මක ක්‍රියාකාරී ස්වාභාවික නිෂ්පාදන හා සාම්ප්‍රදායික චීන ඖෂධ කිහිපයක්ම සොයාගන්නා ලදී.

නව කොරෝනා වෛරසය පිළිබඳව පරීක්ෂණ පවත්වන චීනයේ ප්‍රමුඛ පෙළේ වෛරස් විද්‍යාඥයෙක් වෙන ෂී ෂෙන්ග්ලිගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් සඳහන් කරන්නේ මෙම වෛරසය වව්ලන්ගෙන් ආරම්භවිය හැකි බවයි.

නව කොරෝනා වෛරසයේ ජානමය අනුක්‍රමණය වවුලන්ගේ කොරොන වයිරස් වර්ගයක් සමඟ සියයට 96 ක් තරම් ඉහළ අගයකින්  සැසදෙන බව එම කණ්ඩායම සඳහන් කරයි.

මෙම කණ්ඩායම තවදුටත් සඳහන් කරන්නේ නව කොරෝනා වයිරසය ප්‍රතිග්‍රාහකයට ඇතුළු වන්නේ මීට පෙර වාර්තා වූ SARS වෛරසය ප්‍රතිග්‍රාහකයාට ඇතුළුවීම භාවිත කළ සෛල භාවිතා කරමින් බවයි.

SARS වෛරසය 2002 සහ 2003 දී දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) පැතිරීමට හේතු විය.

නවතම සොයා ගැනීම නව කොරෝනා වෛරසයේ ව්‍යාධි විද්‍යාව හා මූලාරම්භය අධ්‍යයනය කිරීම සඳහා තීරණාත්මක සාක්ෂියක් වන බව චීන මාධ්‍ය වාර්තා කරයි.

ෂිංහුවා ඇසුරෙනි

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.