නව ජනපතිට ජනපතිගෙන් සුබ පැතුම්
- 2019-11-17 16:30:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.
ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දින ජනාධිපති ධුරයේ රාජකාරී අවසන් කළ අතර, එහි දී ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශයේ දී ද තේරි පත්වන නව ජනාධිපතිවරයා වෙනුවෙන් සිය සුබපැතුම් පළ කරමින් ඔහුගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.
මේ අතර ජනාධිපතිවරයා එහි දී පෙන්වා දුන්නේ එම සියලුදෙනා හා එක්ව තම උතුම් මාතෘභූමිය සහ ආදරණීය ජනතාව වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන් යුතුව තමා විසින් ඉටු කළ වගකීම් හෙට දිනයේ ද ඉටුකිරීම අධිෂ්ඨානය බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments