නව පාසල් වාරය ආරම්භයට පෙර ඩෙංගු මර්දන වැඩසටහනක්
- 2018-12-23 13:40:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාසල් දරුවන් ඩෙංගු උවදුරින් වළක්වා ගැනීම අරමුණු කරගනිමින් දිවයිනේ සියලු පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරුවිද්‍යාල, කලාප, හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතනවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවන ලෙස පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව, 2019 වසරේ පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර 2018 දෙසැම්බර් 30, 31 යන දිනයන්හි දී දිවයිනේ සියලු පාසල් සහ අධ්‍යාපන ආයතන තුළ අදාළ පිරිසිදු කිරීම් සිදුකර සුරක්ෂිත පාසල් පරිසරයක් පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස මේ වනවිටත් සියලු විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Reply To:
Name - Reply Comment
0 Comments