නව මාධ්‍ය පුහුණු ඇකඩමියක්
- 2017-03-31 22:48:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට යෝජිත මාධ්‍ය පුහුණු ඇකඩමිය සඳහා චීනයේ ආධාර හා උපදෙස් ලබා ගැනීම සම්බන්ධයෙන් චීන නියෝජිතයින් පිරිස අතර පැවති මූලික වටයේ දෙවන සාකච්ඡාවපාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සමග ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම හමුව සඳහා චීන ප්‍රකාශන හා ප්‍රවර්ධන සංගමයේ උපසභාපතිනී ආචාර්ය ක්සි අයිවි (Xie Aiwei) මහත්මිය ඇතුලු සංගමයේ නියෝජිත පිරිසක් එක්වූහ.
යෝජිත මාධ්‍ය පුහුණු ඇකඩමිය මඟින් මුද්‍රිත, විද්‍යුත් හා වෙබ් මාධ්‍යවේදීන්ගේ පුහුණුව සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයාදීම අපේක්ෂාව වේ.
මෙම හමුව සඳහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා ද එක්විය.
Reply To:
Name - Reply Comment
0 Comments