නව යුද හමුදා මූලස්ථානය විවෘත කරයි
- 2019-11-08 15:01:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අතිනවීන පහසුකම් සහිතව ඉදිකරන ලද ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ විවෘත කළේය.
යුධ, නාවික සහ ගුවන් යන ති‍්‍රවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අරමුණින් පැලවත්ත, අකුරේගොඩ අක්කර 77ක භූමි භාගයක ඉදි කෙරෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ති‍්‍රවිධ හමුදා මූලස්ථානය සඳහා මුල්ගල් තැබුණේ 2011 මාර්තු මස 11 වන දිනය.
මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3ක් වන අතර ශ‍්‍රී ලංකාවේ මෙතෙක් කි‍්‍රයාත්මක වු විශාලතම ගොඩනැඟිලි ව්‍යාපෘතිය ලෙස ඉදිකිරිම් කි‍්‍රයාත්මකය.
අතිනවීනතම තාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විත අතර අතිනවින තාක්ෂණික ආරක්ෂණ ක‍්‍රමවේදයන්ගෙන් ද මෙම සංකීර්ණය සන්නද්ධය.
ශ‍්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප‍්‍රදේශ තුළ ව්‍යාප්තව පවතින ප‍්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපනය කෙරුණු ඇති අතර යුද හමුදා මූලස්ථානයේ විවිධ අංශ කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ස්ථාපනය කිරීම වෙනුවෙන් කුලියට ලබාගන්නා ලද ගොඩනැඟිලි සඳහා මාසිකව වැය කෙරෙනු රුපියල් මිලියන 50කට අධික මුදල ඉතිරි කර ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනු ඇත.







Reply To:
Name - Reply Comment
0 Comments