ජාත්‍යන්තර තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලියට ලක් සිසුන් දෙදෙනෙක්
- 2017-04-07 17:27:31
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජර්මනියේ ස්ටුට්ගාඩ් හි පැවැත්වෙන 24 වන අන්තර් ජාතික තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ක්‍රීඩකයන් දෙදෙනෙකු අවස්ථාව ලැබී තිබේ.
තරගාවලිය එළැඹෙන 16 දා සිට 22 දා දක්වා පැවැත්වීමට නියමිතය. කොළඹ නාලන්ද විද්‍යාලයේ රකිඳු වික්‍රමරත්න හා මන්නාරම සිත්ති විනායගම් හින්දු විද්‍යාලයේ ජිතේන්ද්‍රන් ජූට් සජිත් යන පාසල් ක්‍රීඩකයන්ට මෙම අවස්ථාව හිමිව තිබේ.
ඔවුන්ට තරගාවලියට එක්වීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අද (07දා) ප්‍රදානය කළේය.
සංවර්ධනය සඳහා තරුණ පරම්පරාවේ උසස් චින්තන හැකියාවන් ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් අන්තර් ජාතික තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලිය පැවැත්වෙන අතර ඒ සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව ලද 39 වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
තරගාවලියේදී තම විද්‍යාත්මක පර්යේෂණ ඉදිරිපත් කිරීමට මෙම සිසුන්ට අවස්ථාව ලැබී තිබේ. 2016 අප්‍රේල් මස රුමේනියාවේ පැවති තරගාවලියට ශ්‍රී ලංකාවේ සිසුන් දෙදෙනෙකු නිරීක්ෂණ මට්ටමින් එක්විය.
Reply To:
Name - Reply Comment
0 Comments