නාම යෝජනා වෙනුවෙන් කොළඹ වැසෙන පාසල්
- 2019-10-03 15:59:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගන්නා ලබන සඳුදා දින (7) කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාස 03ක සියලු පාසල් හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 03 ක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගන්නා දින ආරක්ෂක හේතු මත එදින පෙ.ව. 07.00 සිට ප.ව. 01.00 දක්වා රාජගිරිය සරණ මාවත ඇතුළළු මාර්ග කීපයක් වසා තබා මැතිවරණ මහලේකම් කාර්යාලයට දේශපාලන පක්ෂ අපේක්ෂකයන් සමඟ පැමිණෙන පක්ෂ ක්‍රියාකාරීන් සඳහා රථවාහන නවතා තැබිමට රාජගිරිය මංසන්ධිය හා ඒ අවට වෙන් කෙරෙන බැවින්, එම ප්‍රදේශ ආශ්‍රිත පාසල් එදින වසා තබන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ආධ්‍යාපන ලේකම් එම්.එන්. රණසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව කොළඹ අධ්‍යාපන කලාපයට අයත් බොරැල්ල, දකුණු කොළඹ හා මැද කොළඹ කොට්ඨාසවල සියලුම පාසල් ද ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධිපති විද්‍යාල, රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය සහ රාජගිරිය හේවාවිතාරණ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය එදින වසා තැබීමට අධ්‍යාපන ලේකම්වරයා විසින් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් වෙත අනුමැතිය ලබා දී ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments