නාය යෑම් පිළිබඳ රතු නිවේදනය තවත් පැය 24 ක්
- 2017-05-28 19:39:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
(හර්ෂණ තුෂාර සිල්වා)
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද 28 දහවල් දිස්ත්‍රික්ක හතකට නායයෑම් පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කළේය. ඒ අනුව රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 7ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඉදිරි පැය 24ක කාලයේදී ද අඛණ්ඩව වර්ෂාපතනය පැවැතිය හොත් නායයෑම් අවදානම සහිත කඳු බෑවුම්වලින් ඉවත් වන්නැයි දැනුම් දෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අදාළ නිවේදනය හෙට පස්වරු 1 දක්වා වලංගු බව ද සඳහන් කළේය.
ඒ අනුව දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මෙසේය.
රත්නපුර දිස්ත්‍රික්කය
රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පේ, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න හා නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්‍රදේශ
කෑගල්ල දිස්ත්‍රික්කය
බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට හා දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හා ඒ අවට ප්‍රදේශ
ගාල්ල දිස්ත්‍රික්කය
බද්දේගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියගම හා නියගොඩ හා ආශ්‍රිත ප්‍රදේශ
කළුතර දිස්ත්‍රික්කය
බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට හා බදුරලිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාස හා ඒ අවට ප්‍රදේශ
මාතර දිස්ත්‍රික්කය
කොටපොල, පස්ගොඩ, පිටබැද්දර හා මූලටියන,
හම්බන්තොට දිස්ත්‍රික්කය
වලස්මුල්ල සහ කටුවාන හා ඒ ආශ්‍රිත ප්‍රදේශ
නුවරඑළිය දිස්ත්‍රික්කය
අඹගමුව කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා ඒ ආශ්‍රිත ප්‍රදේශ
Reply To:
Name - Reply Comment
0 Comments