නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි
- 2019-09-16 11:55:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට නායයෑමේ අවදානම් නිකුත් කර තිබේ. ඒ අනුව රත්නපුර, (කිරිඇල්ල, කළවාන, රත්නපුර සහ ඇහැලියගොඩ කලාප) කෑගල්ල, (වරකාපොළ, දෙහිඕවිට කලාප) කලුතර (මතුගම, බුලත්සිංහල කලාප) නුවරඑලිය (අඹගමුව කොරළේ) යන දිස්ත්‍රික්ක වල නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.
නායයාම් පුර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නායයාම් පුර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබද සැළකිලි මත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
පොලවේ ඇති වන ඉරිතැලීම්, ගැඹුරට හැරුණ පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල් හෝ දුරකථන කුලුණු ආදි සිරස් විහිදුමක් සහිත ගොඩනැගිලි ආදිය පිළිබදව එමෙන්ම ගොඩනැගිලි බිත්ති ගෙබිම මත ඇතිවන ඉරි තැලීම් පිපුරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම සහ එක් වර ජල උල්පත් මතුවීම හෝ පෙර පැවති උල්පත් එකවර සිදී යාම හෝ නැතිවීම ජල උල්පත් වලින් බොර වතුර මතුවීම වැනි ලක්ෂණ දිස් වන්නේ නම් එය නායයාම් ආපදා පුර්ව ලක්ෂණ විය හැකි බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙවැනි ලක්ෂණ දිස්වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කර මෙන් ද හැකි ඉක්මනින් අවදානමින් මිදීම සදහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් දැනුම් දෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments