Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජාතික නිදහස් දින සැමරුම මින් ඉදිරියට සමරනු ලබන්නේ ජාතික දින සැමරුම ලෙස යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අටවැනි  වගන්තියේ නිදහස් දිනය සඳහන් වන්නේ ජාතික දිනය ලෙස බවත් ඒ අනුව කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (23) කොළඹ, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

 ‘‘නිදහස් දිනය හඳුන්වන්නේ ජාතික දිනය ලෙයසි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අටවැනි  වගන්තියේ ජාතික දිනය ලෙස තමයි එය සඳහන් වෙන්නේ. එහි තිබෙන්නේ නැෂනල් ඬේ යනුවෙන්. එහෙම නැතුව ෆ‍්‍රීඩම් ඬේ නෙමෙයි. ඒක තමයි අපිත් භාවිතා කළේ.  මේ ගැන  විශාල ප‍්‍රශ්නයක් ඇති කරගන්න එපා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ  අටවැනි වගන්තිය අනුව මෙය නිවැරදියි’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.