නිල් ධජ සහතිකය ලබාගැනීමට ලංකාවේ අවධානය
- 2019-01-30 10:41:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වෙරළ තීරයන්හි ගුණාත්මක බව තහවුරු කර ගැනීම සඳහා අන්තර්ජාතික ප්‍රමිතියක් වශයෙන් සලකනු ලබන ඩෙන්මාර්කයේ පරිසර අධ්‍යාපනය පිළිබඳ පදනම මගින් නිකුත් කරනු ලබන ‘නිල් ධජ’ සහතිකය ලංකාවේ වෙරළ තීරයට අදාළව ලබාගැනීමට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇත.
මේ අනුව ජල මාර්ග ඔස්සේ වෙරළට හා සාගරයට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කර ගැනීමටද අවධානය යොමුව තිබේ. වෙරළට හා සාගරය එකතුවන අපද්‍රව්‍යවලින් 90%ක්ම ජනනය වන්නේ ගොඩබිම සිදුවන මිනිස් ක්‍රියාකාරකම් හා කර්මාන්ත හේතුවෙන් බව අණාවරණය වී තිබේ.
2020 වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියන 4ක් ආකර්ශනය කර ගැනීමේ වැඩසටහනක්ද රජය විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජල මාර්ග අපද්‍රව්‍ය වලින් තොරව පිරිසුදුව පවත්වාගෙන යෑම සඳහා වන වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments