නිල ඇඳුම් ලබදීම ලබන පාසල් වාරය ආරම්භයේදී
- 2019-11-26 15:57:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2019 පාසල් වාරය තව දින තුනකින් නිමාවට පත්වීමට නියමිතව තිබුණත් දරුවන්ට නියමිත නිල ඇඳුම් ලබාදීම සඳහා ඊට පෙර පියවර නොගැනිම නිසා එහි වගකිම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැරිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
පසුගිය රජය විසින් පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචරපත් ලබාදීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය තුළ රජයට වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බවට ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත්ව තිබූ අතර, ඒ අනුව ඊළඟ වර්ෂවල දී නිල ඇඳුම් වෙනුවට වවුචර පත් ලබාදෙන්නේ ද, රෙදි ලබාදෙන්නේ ද යන්න පිළිබඳ තීරණයක් ලැබී නොතිබිණි.
මේ හේතුවෙන් 2020 වර්ෂය සඳහා පසුගිය වර්ෂයේ පැවති මිල ගණන් යටතේම නිල ඇඳුම් සඳහා වවුචරපත් ලබාදීමට අදාළව පසුගිය අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර ඇතත් ඒ සඳහා තීරණයක්ද ලබා දි නොමැත.
එබැවින් හෙට දින (27) මේ සම්බන්ධ ව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව 2020 වසර සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීමට නව පාසල් වාරය ආරම්භයේ දී සිදුකිරීමට අදාළ සියලු පියවර ගන්නා බව පවසන අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එහි සම්පූර්ණ වගකීම තමා විසින් භාරගන්නා බව ද සහතික කර සිටියි.
Reply To:
Name - Reply Comment
0 Comments