Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නිල ඇඳුම් තිළිණපත්වල වටිනාකම අඩුකර ඇති බවට ඇතැම් පාර්ශව විසින් ගෙන යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

 2020 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් තිළිණපත් ලබාදීමේ දී ගිහි සිසුන් සඳහා ශ්‍රේණි කාණ්ඩ තුනකින් සහ පැවිදි සිසුන් සඳහා ශ්‍රේණි කාණ්ඩ දෙකකින් හා නිල ඇඳුම් වර්ග හයකින් සමන්විත ව තිළිණපත් ලබාදීම සිදුකර ඇති අතර, පෙර වර්ෂයේ ලබා දී ඇති තිළිණපත්වල වටිනාකම මෙම වර්ෂයේ දී ද සියලු සිසුන් වෙත ලබා දී තිබෙන බවත් අමාත්‍යාංශය  පවසයි.

මෙම වර්ෂයේ නිල ඇඳුම් ලබාදීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් රජය රුපියල් මිලියන 1500ක් වෙන් කර තිබුණි. ඒ අනුව, 1-5 ශ්‍රේණි ශිෂ්‍යයින් සඳහා 2017 සහ 2018 වසරවල රුපියල් 500ට තිබූ තිළිණපත් වටිනාකම 2020 වසරවල දී රුපියල් 525 දක්වා ද, ශිෂ්‍යාවන් සඳහා පෙර වර්ෂවල රුපියල් 400, 720, 600 යන වටිනාකම්වලින් තිබූ තිළිණපත් 2019 වසරේ සිට රුපියල් 440,745,645  ලෙස ද වැඩි වී තිබේ.   6-9 ශ්‍රේණි සිසුන් සඳහා පෙර වසරවල රුපියල් 525ට තිබු තිළිණපත් වටිනාකම මේ වනවිට රුපියල් 580 ලෙස  වැඩි වී ඇත.

6-9 ශ්‍රේණි ශිෂ්‍යාවන් සඳහා ගවුම් රෙදි, සාය රෙදි හා හැට්ට රෙදි, ෆර්දා සමඟ ගවුම් රෙදි යන නිල ඇඳුම් වර්ග වෙනුවෙන් රුපියල් 500, 700, 700, 750 ලෙස පැවති වටිනාකම් 2019 වර්ෂයේ සිට රුපියල් 580,850,730 ලෙස වැඩිවී තිබේ.

10-13 ශ්‍රේණි සිසුන්ට කමිස හා කලිසම් රෙදි මිලදී ගැනීම සඳහා ලබා දී තිබුණේ රුපියල් 750ක තිළිණපතකි. එය රුපියල් 795 දක්වා වැඩි කර තිබේ. 10-13 ශ්‍රේණිවල ශිෂ්‍යාවන්ට ගවුම් රෙදි, ළමාසාරි රෙදි, සාය රෙදි හා හැට්ට රෙදි, ෆර්දා සමඟ ගවුම් රෙදි යන නිල ඇඳුම් වර්ග වෙනුවෙන් 2016 වසරේ දී රුපියල් 600,800,1000,800 ලෙස පැවති තිළිණපත් වටිනාකම් මේ වනවිට රුපියල් 645,850,1065,850 ලෙස වැඩි කර තිබේ.

එමෙන් ම 1-7 ශ්‍රේණි පැවිදි සිසුන් සඳහා  සිවුරු රෙදි මිල දී ගැනීමට  2016 වසරේ දී ලබා දී තිබුණේ රුපියල් 1300ක තිළිණපතකි. එම වටිනාකම රුපියල් 1375කින් ඉහළ නංවා තිබේ. 8-13 ශ්‍රේණිවල පැවිදි සිසුන් වෙත සිවුරු රෙදි සඳහා ලබා දී තිබූ රුපියල් 1700ක තිළිණපත් වටිනාකම මේ වනවිට රුපියල් 1800කින් වැඩි වී තිබේ. 

නිල ඇඳුම් තිළිණ පත් පාසල් සිසුන් වෙත ලබාදීමේ ක්‍රියාවලිය තුළ විදුහල් ප්‍රධානීන් විසින් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධ උපදෙස් මේ වනවිටත් සියලු පාසල් වෙත ලබා දී ඇතැයි අමාත්‍යාංශය පවසයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.