නුවර එළිය අවම උෂ්ණත්වය වාර්තා වෙයි
- 2019-01-21 11:43:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෑත ඉතිහාසයේ රාත්‍රියේ අඩුම උෂ්ණත්වය ඊයේ (20දා) උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබේ.
මේ අනුව එම කාලය තුළ නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.6ක් ලෙස වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 5ක අඩුවීමක් ලෙස වාර්තාවන වන අතර, අඩුම උෂ්ණත්වය ලෙස වාර්තා වී තිබෙන්නේ 1914 වසරේ ජූලි 30 වැනිදා වන අතර එදින නුවරඑළියේ උෂ්ණත්වය -3.7 අගයක් ගෙන තිබෙන බවද කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ මාසය අවසන් වනතුරු දිවයිනේ බොහෝ ප්‍ර‘දේශවලට වියළිකාලගුණයක් පැවැතිය හැකි බවත්, උදෑසන කාලයේ ශීත දේශගුණ තත්ත්වයක් ඉදිරි දින 07 පුරාම පැවැතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහෙත් මේ මස 23 වන දින සිට උදෑසන කාලයේ පවතින ශීත දේශගුණික තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා සඳහන් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments