නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් කොවිඩ් නැවත පැතිරිය හැකියි - ජනපති
- 2020-06-24 13:33:50
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලංකාව සාධනීය ජයග්‍රහණයක් ලබා ඇතත් වෛරසය තවමත් ලෝකයෙන් තුරන් වී නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් නැවතත් රෝගය පැතිර යාමේ අවධානමක් ඇති බැවින සෞඛ්‍ය අංශ හා රජයේ උපදෙස් මත තවදුරටත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කරයි.
සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශයක් කරමින් ජනපතිවරයා මේ බව සඳහන් කරයි.
"ලෝකයෙ සියලුම රටවල් කොවිඩ් 19 උවදුරෙන් දරුණු ලෙස පීඩා විඳිද්දී සාමුහික ක්‍රියාවලියක උත්සාහය මත අපේ රට සාධණීය ජයග්‍රහණයක් ලබා ඇතත් කොවිඩ් 19 වෛරසය තවමත් ලොවෙන් තුරන් වී නැත.
නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් නැවතත් රෝගය පැතිරයාමේ අවධානමක් පවතී. එබැවින් තවදුරටත් සෞඛ්‍ය අංශ සහ රජයෙ උපදෙස් මත තවදුරටත් ආරාක්ෂාකාරි පියවර අනුගමනය කරන ලෙස මම සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිමි'"
Reply To:
Name - Reply Comment
0 Comments