පරිසර නියමුවන්ට ඉන්දියානු සංචාරයක්
- 2019-09-10 12:26:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව, මෙරට පාසල් පද්ධතිය තුළ පරිසර නියමු ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන පරිසර නියමු ජාතික වැඩටහනේ ජනාධිපති පදක්කම් ප්‍රදානයේදී විශිෂ්ට සම්මාන ලබන පරිසර නියමුවන් හට ඉන්දියානු සංචාරයක් ලබාදීමට ද මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර තිබේ. 2018 වසරේ ජනාධිපති පරිසර නියමු පදක්කම ලබා, විශිෂ්ට සම්මාන ලබාගත් පාසල් 31ක සිසුන් 48 දෙනෙකු උදෙසා සැප්තැම්බර් මස දෙවන සතියේ දී දින 06ක ඉන්දියානු සංචාරයක් ලබාදීමට කටයුතු කර ඇත. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්, විදුහල්පතිවරුන්, පරිසර නියමු භාර ගුරු භවතුන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.
හොරණ ශ්‍රිපාලි විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, නුවර දිප්පිටිය ද්විතික පාසල, හම්බන්තොට බෝවල විද්‍යාලය, මොණරාගල දුටුගැමුණු මධ්‍ය විද්‍යාලය, ඇඹිලිපිටිය මහා විද්‍යාලය, බදුල්ල උඩවෙල මධ්‍ය විද්‍යාලය, පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය, ගාල්ල කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය, පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය, ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය, වත්තේගම ලුණුකැටියාමඩිත්ත මහා විද්‍යාලය, රත්නපුර සුමන බාලිකා විද්‍යාලය, මාතර සුජාතා විද්‍යාලය, මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, කොළඹ විශාඛා විද්‍යාලය, කුරුණෑගල උඩබදලව සුදර්ශන මහා විද්‍යාලය, ඉබ්බාගමුව කුඹුක්කැටේ මහා විද්‍යාලය, කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලය, හම්බන්තොට අඹගහහේන මහා විද්‍යාලය, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය, මඩකලපුව ශාන්ත සිසිලියා බාලිකා විද්‍යාලය, මහනුවර තෙල්දෙණිය ජාතික පාසල, හම්බන්තොට බෙලිඅත්ත ජාතික පාසල, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය,පොළොන්නරුව අලවාකුඹුර මහා විද්‍යාලය හා වව්නියාව කූමන්කුලම් සිත්ති විනයාගර් විද්‍යාලය නියෝජනය කරමින් පරිසර නියමුවන් 48 දෙනෙකු මෙවර ඉන්දියානු සංචාරය සඳහා සුදුසුකම් ලබා ඇත.
දින 6ක කාලයක් ඉන්දියාවේ ගතකරන පරිසර නියමුවන් ඉන්දියාවේ ක්‍රියාත්මක කරන හරිත සංකල්පය හෙවත් පරිසර හිතකාමී වැඩපිළිවෙල පිළිබඳව ක්ෂේත්‍ර අධ්‍යයන අනුසාරයෙන් නව දැනුමක් ලබාදීමට සැලසුම් කර ඇත. නවදිල්ලි නුවර පිහිටි විද්‍යා හා පරිසර අධ්‍යයන ආයතනය මෙම සංචාරය සැලසුම් කරන අතර, තිරසර සංවර්ධන ක්‍රියාදාමය ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කරනුයේ කෙසේද යන්න පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාදීම වෙනුවෙන් පරිසර නියමු වැඩසටහනේ ඉහළම කුසලතා දැක්වු දරුවන් වෙනුවෙන් මෙම විදෙස් පරිසර අත්දැකිම ලබාදෙනු ලබයි.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර නියමු වැඩසටහන මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන අතර, ඉදිරි වර්ෂ වලදී ද මෙම විදෙස් පරිසර අත්දැකිම පරිසර නියමුවන් ඇතුළු පරිසර නියමු වැඩසටහනේ ක්‍රියාකාරීන් වෙත ලබාදීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරන බැව් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments