Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පලාලි ගුවන්තොටුපොළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට නම් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ්‍ය නිවේදනය කරයි.

ඒ සඳහා ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවද අමාත්‍යාංශය පවසයි.

ප්‍රාදේශීය ගුවන් තොටුපොළක් ලෙසට පැවැති යාපනය පලාලි ගුවන්තොටුපොළ කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් ලෙසට සංවර්ධනය කිරීම ජූලි මස පස්වැනිදා ආරම්භ විය.

එම සංවර්ධන කටයුතු මේ මස දහවැනිදා වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීම ලබන 17 වැනිදා හෝ ඊට ආසන්න දිනක සිදු කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යාංශය පවසයි

පියවර තුනකින් සංවර්ධනය කෙරෙන යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සංකේත අංකය (ICAO CODE) වන්නේ VCCJ වෙයි. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ සංකේත අංකය (IATA) වන්නේ JAF වෙයි. මෙම නම් කිරීමට සමගාමීව මඩකලපුව ගුවන් තොටුපොළ මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසද රත්මලාන ගුවන්තොටුපොළ කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසද නම් කෙරේ.

මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළහි ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සංකේත අංකය  VCCB ද ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ සංකේත අංකය BTC ද වෙයි. කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළහි ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සංකේත අංකය  VCCC ද ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ සංකේත අංකය RML ද වෙයි.

මෙම නම් කිරීමත් සමඟ ලංකාවේ දැනට ඇති ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගණන පහ දක්වා ඉහළ යයි. ඒ කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසිනි. 

  

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.