පහේ හපන්නු ජනපති හමුවෙති
- 2017-03-28 21:48:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2016 වසරේ පැවති අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූ සිසුන් සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතා දක්වන සිසුන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට තිළිණ ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
2016 වර්ෂයේ අගෝස්තු මාසයේ පවත්වන ලද අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විෂයධාරා 07 ක් යටතේ මුල් ස්ථාන 05 අතරට පැමිණි සිසු සිසුවියන් 35 දෙනෙකු සදහා සහ 2016 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමස්ත දිවයිනෙන්ම ඉහළම ලකුණු ලැබූ සිසුන් 12 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.
එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ, මහජන බැංකුවේ සහ සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ දායකත්වයෙන් ඔවුන්ට මුදල් තිළිණ සහ ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම ද ජනාධිපති හා අග්‍රාමාතය අතින් සිදු විය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් සහ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments