ඌව වෙල්ලස්ස විරුවන් සැමරුම 10 දා
- 2017-01-05 15:57:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙම උත්සවයේ ප්‍රධාන දේශනය මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස මහතා විසින් පවත්වන අතර, ජාතික නිදහස් සටන් අපගේ භාෂාව තුළින් විද්‍යමාන වන ආකාරය පිළිබඳ දේශනයක් මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා විසින් පැවැත්වීමට නියමිතය. එමෙන්ම, ඌව වෙල්ලස්ස නිදහස් අරගලය අළලා රජයේ චිත්‍රපට අංශය විසින් සකස් කරන ලද වාර්තා චිත්‍රපටයක් සහ අරගලය හා බැඳුනු ඓතිහාසික පසුබිම පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සම්පාදිත ශාස්ත්‍රීය ග්‍රන්ථයක්ද මෙහිදී එළිදැක්වීමට නියමිතව ඇත. දේශප්‍රේමීන් බවට ඔසවා තබමින් පසුගියදා ගැසට් මගින් නිවේදනය කරන ලද වීරවරයින්ගේ නම් ඇතුළත් ඵලකයක් අනාගත පරම්පරාවන්හි දැනගැනීම පිණිස ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරය සහ නිදහස් චතුරස්‍ර කෞත්‍රකාගාරය යන ආයතන වල ස්ථාපනය කිරීම සඳහා එම ආයතන ප්‍රධානීන් වෙත පිරිනැමීම සහ මහනුවර ශ්‍රී දළදා මාලිගා කෞතුකාගාරය වෙනුවෙන් දියවඩන නිලමේවරයා වෙත පිරිනැමීමද මෙහිදී සිදු කෙරේ.
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, විද්වතුන් ඇතුලු අදාළ පාර්ශව රැසක් සහභාගිවීමට නියමිතය.
(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
Reply To:
Name - Reply Comment
0 Comments