පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම ජනවාරි 11දා
- 2016-12-08 14:07:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සියලුම රජයේ පාසල් සහ රජයේ ආධාර ලබන/නොලබන පෞද්ගලික පාසල්වල 2017 වර්ෂයේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම 2017 ජනවාරි මස 11 වැනිදා සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
පළමු වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම ජනවාරි මස 11 වැනිදා සිදුකරන ලෙස, සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම්දී ඇති බවත්, එසේම ජනවාරි මස 11 වැනිදාට ප‍්‍රථම පළමු වැනි ශ්‍රේණිය සඳහා තෝරාගත් සිසුන් හඳුනා ගැනීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක කළ යුතු බවද අමාත්‍යාංශය දැනුම්දී තිබේ.
මෙහිදී පළමු වැනි ශ්‍රේණියේ සිසුන් පිළිගැනීමේ වැඩසටහන සඳහා ඇතුළත් වන නවක සිසුන්, දෙමාපියන් හා ආරාධිත අමුත්තන් පිළිගැනීම, ජාතික ධජ එසවීම, ජාතික ගීය හා පාසල් ගීය ගායනය සහ නවක සිසුන් පිළිගැනීම සඳහා ප‍්‍රාථමික අධ්‍යාපන අංශයේ සිසුන්ගේ ප‍්‍රාසාංගික අයිතමයන් පැවැත්වීම කළ යුතු බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments