පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේ ආරක්ෂක කෝටාවේ වෙනසක්
- 2017-04-17 09:42:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පළමු වසර සඳහා ළමු ඇතුළත් කිරීමේදී යුධ සමයේ ක්‍රියාන්විත රාජකාරි වලදී අබාධිත සහ ශාරීරික දුබලතාවයන්ට තත්ත්වයට පත්වූ රණවිරුවන්ගේ දරුවන්ට ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට නියෝග කර තිබේ.
ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන්ට ලබාදෙන කොටාව සඳහා දරුවන් තෝරාගැනීමේදී මෙසේ ආබාධිත හා ශාරීරික දුබලතාවන්ට පත් දරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
මේ අතර 2021 වසර වන විට එක් පන්තියකට ළමුන් 35 බැගින් සීමිත කිරීමටත් නියමිතය. එහදී එක් පන්තියකට උපරිමය ළමුන් 5 බැගින් ඇතුළත් කිරීම සදහා ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියේ සාමාජිකයන්ට කෝටා ක්‍රමය මගින් අවකාශ ලැබේ.
එහිදී සිසුන් තෝරාගැනීමේදී ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී අබාධිත සහ ශාරීරික දුබලතාවයන්ට පත්වූ ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ රණවිරුවන්ගේ දරුවන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස 2018 වසර සඳහා පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සකස්කිරීමට පත්කර ඇති කමිටුවට නියෝග කර තිබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments