Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛයෙහි සුළු සංශෝධන කිහිපයක් සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

විහාර දේවාලගම් පනත, තෑගි ඔප්පු සහ තවත් කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් මෙම සංශෝධන සිදුකිරීමට නියමිතය.

මීට අමතරව පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමේදී ළමයින් තෝරා ගැනීමට අදාළ තොරතුරු තවදුරටත් විනිවිදභාවයකින් යුතුව ජනතාවට අනාවරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

2019 සඳහා පළමු වසරට ළමයින් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය පිළිබඳ සහ ක්‍රමවේද පිළිබඳ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත.

එසේම ලකුණු ලබාදීමේ ක්‍රමවේද සහ තෝරාගත් දරුවන් පදිංචිව සිටින ස්ථානයන් පිළිබඳ විස්තර මෙන්ම පෞද්ගලිකත්වයට ගැටලුවක් ඇති නොවන දරුවන්ගේ සුදුසුකම් සම්බන්ධ සියලු තොරතුරු ප්‍රසිද්ධ කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා  නිලධාරීන්ට උපදෙස් දී ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.