Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව ලංකාවේ ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ නිලක්නා දිසිවරී වරුසවිතාන ශිෂ්‍යාව විසින් හිමි කරගෙන තිබේ.

එහි දෙවැනි ස්ථාන තුනක් දිනා ඇති අතර, කොළඹ විශාඛා විද්‍යාලයේ සවිති හංසදී, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සංජානි දිලේකා කුමාරි සහ මාතර සුජාතා විද්‍යාලයේ මින්දි රෙබෙකා ශිෂ්‍යාවෝ එම ස්ථාන අත්පත් කරගෙන සිටිති.

පස්වැනි ස්ථානය කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ගයාත්‍රි හර්ෂිලා ලිහිණිකඩුආරච්චි ශිෂ්‍යාව විසින් හිමි කරගෙන තිබේ. හයවැනි ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සඳලි මුතුනිමා රත්නායක ශිෂ්‍යාව, කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් යසංක සමරකෝන් සහ එම විද්‍යාලයේම කවිරු මෙත්නුක, ගාල්ල මහින්ද විද්‍යාලයේ ශස්මිත අකාශ්වර ලියනගේ යන ශිෂ්‍යයන් සහ කළුතර තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ හිමාෂි එරන්දිකා සමරසිංහ පතිරණ ශිෂ්‍යාව අතරේ බෙදී ගොස් තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට හයලක්ෂ පනස්හය දහස් නවසිය අසූහතර දෙනෙකු අයදුම් කර තිබුණද, විභාගයට පෙනී සිට තිබෙන්නේ පන්ලක්ෂ දහඅට දහස් එකසිය අනූහතර දෙනෙකු පමණක් බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පිරිසෙන් 71.66%ක් උසස් පෙළ පන්ති සඳහා සුදුසුකම් ලබා තිබෙන අතර, ගණිත විෂයය සමත් ප්‍රතිශතය 64.11%කි. 
A සාමාර්ථ 09ක් ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 9413කි. 527 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා තිබේ.

විභාගය සමත් ප්‍රතිශතය දිස්ත්‍රික්ක වශයෙන් ගණනය කිරීමේදී ඉහළම සමත් ප්‍රතිශතය මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. එම දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටි ප්‍රමාණයෙන් 79.89%ක් විභාගය සමත් වී ඇත.
අඩුම සමත් ප්‍රතිශතය වාර්තා වන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් වන අතර, එම දිස්ත්‍රික්කයේ සමත් ප්‍රතිශතය 53.17%කි.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අප්‍රේල් 12 වැනිදාට පෙර අයදුම්පත් යොමුකළ යුතු වන අතර, පෞද්ගලික අයදුම්කරුවන්ට අදාළ ආදර්ශ අයදුම්පත අද (29දා)  ජාතික පුවත්පත්වල පළ කරන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

සාමාන්‍ය පෙළ සහතිකය එක් දින සේවාවෙන්

සා.පෙළ විශිෂ්ටයෝ මෙන්න

නව අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.