පළමු සරසවි නවෝත්පාදන මධ්‍යස්ථානය පේරාදෙණියට
- 2017-09-11 16:01:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අනාගත ලෝකයේ ඉදිරියට යෑමට නම් නවෝත්පාදන අවශ්‍ය බවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ ශ්‍රීලංකාවේ විශ්වවිද්‍යාලයක් තුළ ආරම්භ කරන පළමු නවෝත්පාදන මධ්‍යස්ථානය සඳහා ප්‍රතිපාදන ලබාදෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ පසුගියදා පැවැති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ, විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශය මගින් සංවිධානය කර තිබූ පර්යේෂණ හා නව්‍යකරණ සමුළුවටඑක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"නවෝත්පාදනය අත්‍යවශ්‍යයි. පේරාදෙණිය සරසවියේ නවෝත්පාදන මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය මුදලින් කොටසක් මම දෙනවා. ඉතිරි මුදල ඔබ පෞද්ගලික අංශයෙන් ලබාගත යුතුයි. ඒ අනුව නවෝත්පාදන මධ්‍යස්ථානයක් ඇති ලංකාවේ පළමු විශ්වවිද්‍යාලය බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය පත්වෙනවා.
නවෝත්පාන වාණිජමය වශයෙන් දිශාමුඛ විය යුතුයි. නවෝත්පාදන සහිත රටවල් ලෝකයේ ඉදිරියට යනවා. ලෝකයේ ලොකුම ආර්ථිකය බවට ඇමෙරිකාව 2030දී පත්වෙයි. සමහරවිට චීනයත් වෙන්න පුළුවන්. ඉන්දියාවටත් අවස්ථාව තිබෙනවා.
ඔවුන් තාක්ෂණය හා නවෝත්පාදනය ගැන අවධානය යොමුකර තිබෙනවා. ඒ නිසයි ඔවුන් ලෝකයේ බොහෝ රටවල බුද්ධිමත් තරුණ තරුණියන්ට අධ්‍යාපන අවස්ථා ලබාදෙන්නේ.
දකුණු කොරියාව ඉදිරියට යන්නේ අධ්‍යාපනය, අධ්‍යාපන හා නවෝත්පාදනය යන සංකල්පය යටතේ. චීනය විදේශ ආයෝජන සඳහා විවෘත වුණා. ඉන් අනතුරුව ඔවුන් ගොඩනැගුණා. අනාගත ජීවිතය රැඳී සිටින්නේ නවෝත්පාදනය මතයි.
2030දී අපි මොනවද කරන්නේ? මූලික නිෂ්පාදනය පමණද? අපි මූලික හෝටල් සේවය පමණද කරන්නේ? අපි නවෝත්පාදන කරන්න යනවද? අනාගතයේදී හෝටල් කාමරයක් කොහොම වෙයිද කියලා නවෝත්පාදන කරනවා. ලෝකයේ ලොකුම වෙළෙඳපොළ ඉරානයේ සිට ඔස්ට්‍රේලියාව දක්වා විවෘත වේවි. මෙයින් අපි ප්‍රයෝජන ගත යුතුයි.
ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල ලංකාවේ ඇවිත් නවෝත්පාදන මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා අපෙන් ඉඩම් ඉල්ලා තිබෙනවා." යනුවෙන්ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments