Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පළමු ශ්‍රේණියට සහ දෙවැනි ශ්‍රේණියට ඉගැන්වීම සඳහා ඉංග්‍රීසි පෙළපොත් 2ක් ලබන වසරේ සිට හඳුන්වාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

පාසල් තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.ජාතික අධ්‍යාපන ආයතනය හරහා පෙළපොත් සම්පාදනය වෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට 03 වැනි ශ්‍රේණියේ සිට ඉහළට ඉංග්‍රීසි භාෂාවට අදාළ පෙළපොත් ලබාදෙන අතර, ප්‍රාථමික අංශයේ 1 සහ 2 ශ්‍රේණිවල සිටම විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් සියලුම සිසුන් වෙත ලබාදීම මෙම නව පෙළපොත් ලබාදීමේ  අරමුණයි.

මීට අමතරව පෙළපොත් ලබාදීමේදී පෙළපොත් සමග එහි අන්තර්ගතය වඩාත් ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කර සකස් කරන ලද සංයුක්ත තැටි (CD) ලබාදීම පිළිබඳවද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.