Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල්වල පළමු හා දෙවන ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි භාෂා පෙළ පොතක් හඳුන්වාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ. පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ඉහළ නැංවීම සඳහා මෙම තිරණය ගෙන ඇති අතර ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි හා විදේශ භාෂා අංශයේ අදාළ නිලධාරීන්ට මේ පිළිබඳව සැලසුම් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් දී තිබේ.

මේ වන විට ඉංග්‍රීසි භාෂා පෙළ පොත් සකස් කර ඇත්තේ 3 ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා පමණයි. සම්බන්ධීකරණ භාෂාවක් ලෙස සැලකෙන ඉංග්‍රීසි භාෂාව, දැනුම පදනම් ආර්ථිකයක් කරා පියනැගීමේ දී සපුරා ගත යුතු අත්‍යවශ්‍ය සුදුසුකමක් ලෙස ද සැලකෙයි.

එමෙන්ම ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරුන්ගේ භාෂා ඉගැන්වීමේ ප්‍රවීණතාව සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් සැලසුම් කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනීtext book

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.